12.26.2011
"hope you will come back"මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් කෑල්ල අතට ගතිමි.
෴෴෴෴෴෴෴෴෴
දැනට අවුරුදු පහලොවක සිට මට යාපනයේ සංචාරය කිරීමේ ඇරියස් එකක් තිබුනි. ජාතියේ වාසනාව නිසා එය සාක්ෂාත් කරගන්නා විට පොඩී එකීට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබුනි. නොමිලේ ලැබුන සංචාරය අවසානයේ යාපනයේ ජනයාගේ තොරතුරු තාක්ෂන දැනුම ගැන සවිස්තරාත්මක වාර්තාවක් භාරදිය යුතුව තිබුනි.
විජිතා මගේ මාර්ගෝපදේශිකාව වූවාය. අවුරුදු තිස්පහක් වන්නට ඇත. ප්‍රියමනාපය. ඉදිරි දත් දෙක අතර හිදැසක් ඇත. ඇය දෙමල දනී. මම සිංහල නොදනී. ගමන ආරම්භ වූයේ වව්නියාවෙනි, එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්‍රථම වතාවට ස්ත්‍රියක හා යහන්ගත වුනෙමි.
෴෴෴෴෴෴෴෴෴
වතුර ටැංකියෙන් වැටෙන සීතල වතුර මගේ ශිර්ෂයෙන් පටන්ගෙන පාදයෙන් අවසන් වන සර්වාංගය දිගේ ඇති විසබීජ සමග මිශ්‍රවී වල වෙත ගලායයි. මෙය මෙතැනින් අවසාන කලයුතුව ඇත. මම දින හතරකට පසු ඇය සිහිවිය.
පිටතට එනවිට විජිතා ජනේලය දෙස බලාගෙන ඇයගේ බ්ලවුසයේ බොත්තම් දමයි.
"Its ok."ඇය මාදෙස බලා සිනාවූවාය. ඇගේ ඉදිරිපස දත් දෙක අතර ඇති සිදුරෙන් මම ඇයගේ හදවතට එබීමට උත්සාහ කලෙමි. දෙවරක් තුන් වරක් උත්සාහ කල මම එය අතහැර දැමීමි.
මේසය උඩ වාර්තාව සූදානම්ව ඇත. එහි පිටු අතරද විසබීජ රැඳී තිබීමට ඉඩ ඇත. නමුත් දැන් ඒවා පිරිසිදු කිරීමට ප්‍රමාද වැඩිය. මම ඉක්මනින් පිටත් විය යුතුය.
෴෴෴෴෴෴෴෴෴
තල් හකුරු සහ කොට්ට කිලංගු පාර්සලය මම ඇයගේ අතට දුනිමි..
"කෝ කෙල්ල නිදිද?"
"ඔයත් එක්ක තරහා වෙලා ඉන්නේ සතියක් අපිව අමතක කලා කියලා"ඇය සිනහ වේ. ඒ සිනහවද සුන්දරය. ඇගේ දත් අතර ඇති සිදුරෙන් හදවතට එබී බැලීමට මම කල උත්සාහය නැවතත් අසාර්ථක විය.
මම මද සිනාවක් පා පොඩි එකී දැකීමටවත් පමා නොවී නාන කාමරය දෙසට ගමන් කලෙමි. ඉක්මනින් විසබීජ සියල්ල සෝදා හැරිය යුතුය. තවත් විසබීජ ඉතිරිව තිබුනහොත් පොඩි එකී ලෙඩවීමට ඉඩ ඇත.
Subscribe to:
Post Comments (Atom)




10 අදහස්:
"ඇය දෙමල දනී. මම සිංහල නොදනී."
එතැකොට මෙක ලීවේ කොමද ? O_o
විෂබීජ.... කොහොමත් සමාජයේ හැමතැනම තියෙන්නේ විසබීජ...
එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්‍රථම වතාවට ස්ත්‍රියක හා යහන්ගත වුනෙමි.
උඹේ මේ කථාවේ තේරුම මටනම් ටිකක් විතර ගැටළු සහගතයි...
උඹ සුද්දෙක්ද... දෙමළෙක්ද.....එතකොට පොඩි එකී....
ඇය සහ ඇය දෙන්නාගෙම අදවතට එබී බලන වෑයම අසාර්ථක උනේ? පිටින් තිබ්බ විසබීජ හෝදලා දැම්මට ටිකක් ශරීරගතවෙලා නිසාවත්ද?
මතකයට එන වාරයක් පාසා තවමත් විසබීජ ඉතිරි වෙලා ඇතියි කියලා ආයේ ආයේ හිතෙන එකක් නැද්ද?
පට්ට!
විසබීජ කියන එක මොකද්ද? ඒක කොහොමද කොයි විදිහටද අපි අර්ථ දක්වා ගන්නේ. මම හිතන්නේ ඒකට තියෙන්නේ සමාජීය කියවීමක්..
අභීත අයියේ මම කියන තේරුමට වඩා වැදගත් උඹට ඒක තේරෙන්නේ කොහොමද කියන එක තමා..
මචං මස්තිෂ්කය වෘෂණ කෝෂ වලට පර්යටනය උනාම වෙන්නෙ මොනවද, කලේ මොනවද කියල අමතක වෙනව . . . . අර තරලය පිට උනාට පස්සෙ තමයි ඇස් දෙක වැහිල තියන අඳුරු පටලය අයිං වෙලා මස්තිෂ්කය නිවැරදි පිහිටුමට ඇවිල්ල . . ගෙදර ඉන්න ගෑනිවයි, දරුවවයි මතක් වෙන්නෙ . . . .
මොකුත් ගැන නෙමෙයි කියන්න ඕනෑ වෙලා තියෙන්නේ.......... මේ දවස් වල විෂබීජ ගැන මිනිස්සු හරියට කථා වෙනවා........ කියලා තමයි කියන්න ඕනෑ වෙලා තියෙන්නේ......
සමාජයේ පාවෙන අනේක විශබීජ අතරින් අවතැන් වී තිබූ ලියමන්කාරකම යලිත් හිස ඔසවනු දැනේ..!!
ජය..!
හෝදන්න වතුර, සබන් තියෙනකන් හොඳයි ඉතිං...
අම්මෝ මේක කියවලා මගේ ඔඵුවත් අවුල් වුණා.ඇත්තටම තේරුනේ නෑ.හැබැයි ඒ අමුතු ලිවීමට මං කැමතියි.
Post a Comment