Skip to main content

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.
තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය.

අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ බාල බොනී අයියා උසින් අඩින් පහයි එකොලහක් වූ මටත් වඩා අඟල් දෙකක් විතර උස දෙකේ දෙකේ පොරකි. අවාසනාවකට බොනි අයියා මට හමුවන විට බොනී අයියා චණ්ඩිකම් නවත්වා ඇත.
එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ. 
තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි.
ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ. 
ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් බොනීටද ඇත. නමුත් බොනී මට විශේෂය.
බොනී මාමේ ඇස් පේන්නෙ නැති එක නිකං මොන වගේද?
මම එසේ ඇසුවේ අඳුරේ ජීවත් වීම ගැන තිබූ කුතුහලය බොනීගෙන් අසා තුරල් කරගැනීමට විය යුතුයි. මට අද වෙනතුරුත් මම එසේ ඇසුවේ ඇයිදැයි සිතාගන්නට නොහැක.
හහ් හහ් හහ්.. 
ස්වාභාවයෙන්ම බොනී අයියා සද්ද නගා හිනාවෙයි. මද සිනාවක් ගැන බොනී අයියා දන්නේ නැත. කින්ඩියට වුවද බොනී අයියා සද්ද දමා හිනාවෙයි. මූනිච්චාවට සිනාවක් තාම බොනී අයියා විසින් හොයාගෙන නොතිබුනි. එසේත් නැතිනම් එය මට දමා නැත.
හහ් හහ් හහ්... බොනී අයියා තාමත් සිනාසෙයි. 
ලසී.. ඒක නිකං ඇස් පේනවා වගේ තමා. හහ් හහ් හහ්.. 
ඇස් පෙනීම කොයි වගේද යන්න මම සිතීමට වෑයම් කලෙමි. ඇස් පෙනීම මේවගේ යැයි මට සිතාගත නොහැකිවිය. එතනින් අපේ කතාව සීමා විය.
බොනී මාමේ මම උඹ ගැන පත්තරේට ලිවුවා. 
මම එක දවසක් විහිළුවට බොනියාට එසේ කිව්වා මතකය..
අපෝ එහෙනම් උඹ ෂුවර් එකට මගේ ඇස්පේන්නේ නෑ කියලා ලියන්න ඇති. 
බොනී අයියා එදා සිනාසුනේ නැත. එය බොරුවක් කියා වැටහෙන තුරු සිනාසුනේ නැත.
        මම ලැපෙන් චිත්‍රපට බලන විට බොනි අයියා මම චිත්‍රපටි බලනවා යන්න ඇස් දෙකෙන් දකී. පසුව ඔහු චිත්‍රපටිය ගැන විස්තර මගෙන් අසාගනී. පසුව බොනි අයියා ඒ චිත්‍රපටිය හතරමං හන්දියේ හැමෝගේම කණේ තියයි. දිනක් මම බැලූ එහෙත් නොබැලූ "අයන් මෑන්" මම රසවින්දේ එසේය.
බොනී හතරමං හන්දියෙන් පුෂ්පාරාමේ පැත්තට එයි. ඇවිත් ලසී සහ ලක්ෂ්මන් සමග ෂොට් එකක් ගසා නැවත හතරමං හන්දියට ඇවිද යයි.
අපරාදේ.... මට ඒකාලේ බොනී අඳුරගන්න තිබුනේ.. බොනියාට ග්ලූකෝමා හැදුනේ නැතුව තිබුනානම්...
       මට එහෙම සිතුනි. එසේ නම් මෙය නොලියවෙනු ඇත...
                 බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

Comments

GagaaddaraKale said…
නියමෙටම ලියවිලා තියෙනවා වෙනද වගේම එලකිරි මචං............
හ්ම්ම්.... ගොඩක් කාලෙකින්.....!!
Weni said…
ඇත්තටම ලසී අඳුරා ගන්න ඉස්සෙල්ල කොට මිනිස්සු කොච්චර නම් අඳුරා ගත්තට පස්සෙ උසද කියලා තේරෙන කොට මටත් හිතෙන්නෙ චිහ්..මීට කලින් ඉඳන් දැනන් උන්නනම් කොයි තරම් නම් වටිනවද කියලයි !
මිනිස්සු කියවනකොට ලස්සන තැන් අහුවෙනවා කියලා හිතෙන්න ගන්නේ මෙන්න මේවගේ පෝස්ට් කියවනකොට තමා.., ජීවිතේ අස්සෙන් සමහර පැති වලින් අපිට වඩා ඉස්සරහට ගිය බොනී අයියලා අපි මොනතරම් උස ගියත් අපිට වඩා උසට හැමදාම ඉඳීවී.
ජය!
ලසිය උබ හුඟ දවසකින්.. නියම ලියවිල්ලක්.

අපි සමාජයේ දකින සමහර චරිත බැලු බැල්මට නොපෙනුනත් ඇහුලතින් අපිට වඩා හුඟක් උසයි...
Beetle said…
අඩේ ඇස් දෙක පේන්නේ නැති, බොන්න සෙට්වෙන හිතහොද මිනිහෙක් ගැන මම තව කොහේ හරි කියෙව්වානේ... කොතනද මතක නෑ...

උඹ මේ ගැන වෙන කොහේ හරි ලිව්වද..?
දුකා said…
වෙනද තරම්ම සිරා නැතත් . . . හ්හ්ම්ම්ම්ම්
hare :-) said…
සමහර උන්ගෙ පින්තූරයක් බලල හිතෙනවට වඩා ළඟට ගියාම උන් මාර උසයි!
ඒකේ අනික් පැත්තත් එහෙමමයි හරේෂ්. සමහර උන් පින්තූරවලින් උසට පෙනුනට ලඟට ගියාම හෙන කොටයි..
malee_msg said…
උඹේ බොනි අයියගේ සීඩ් එක ආව තැන දන්න නිසා මම වැඩිය සද්ද දාන්න යන්නේ නෑ... ඒ උනාට මේ ලිව්ව ටික ලිව්වේ උඹේ හිතේ තියන අවුලකින් ගැලවෙන්න කියලා මට දැනෙනවා...
දුකා said…
ජෙසිකා ඇල්බාගේ හනී ෆිල්ම් එක බලල තියෙනවද මල්ලී?

ඒකේ හනීට කොකා පෙනපු ඩිරෙක්ටර් ආපහු හනී හොයාගෙන ආවහම එයා කියනවා ඉස්සර මම උඹව දැක්කේ අඩි දහයක් උසට . . ඒත් දැන් මෙන්න මෙච්චරයි කියලා ඇඟිලි දෙකෙන් අඟලක ප්‍රමානයක් පෙන්වනවා . . .

කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට වගේ ගොඩක් උසයි කියලා හිතපු අයගේ නියම උස පෙනෙන්නේ අපි ඒ අය ලඟින් හිට ගත්තාමයි . .
Anonymous said…
දිගටම ලියමු හොදේ

www.cinelanka.net

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…