Skip to main content

කපුටු බෝ...


කිරි කල හතකින් නෑවෙන. 
වතුර කල වලින් පෝෂනය වන.
කවි වලින් ආසිරි ලබන.. 
ගාථා වලින් ගෞරව ලබන..
බෝහිමියන්ගේ..
රුහිර උරා ප්‍රසූත්‍ර වන.
කපුටන් විසින් අනුභව කරන.
බෙටි සමග එලියට විසිවන.
සැදැහැවත් බෞද්ධයින්ගේ 
තාප්ප උඩ මුල් අදින.. 
අති ශ්‍රද්ධාවෙන්..
ගලවා විසිකරන.
කපුටු බෝ..

Comments

hare :-) said…
ඔය වගේම කතාවක් කියල තිබුණ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයා. ගල් තලාවක් පාගාගෙන ඒකට බුලත් කෙල ගහගෙන ගිහින් ඒ ගල් තලාවේම කොටසකින් හදල තියෙන බුදු පිළිමෙට වඳින එක.

හික්! අන්තිමේ තමන්මයි රැවටිලා තියෙන්නේ...
දිල් said…
නියමයි...කාලෙකට පස්සෙ හොඳම හොඳ පද ටිකක් කියව්වා.... අනේ ඇත්තට ඉතින් ..
ඒකනම් ඇත්ත... මිනිස්සු අන්ධ වෙලා වගේ ඉන්නෙ........
malee_msg said…
නියමයි!! කියන්නේ මීට වඩා මේ ගැන කතා කරන්න ගියොත් ලියන්න වෙන්නේ රචානාවක්! කාලෙකට පස්සේ ලිව්වට උඹ සෑහෙන්න අමාරු කතාවක් හෙන සිම්ප්ලි ගොනු කරලා..!
රචනාවකින් ලියලත් ඉවර කරන්න බැරි තරම් වටිනා අදහසක්..නියමෙට පද වැලකට අමුනලා.
අපි මේ කරන්නේ බොරුවක් කියන එක අපිම තේරුම් ගන්න ඕනි දෙයක්. ඉතින් අපි අපිම එකතු වෙලා ඒක තේරුම් ගමු. ස්තූතියි හැමෝටම..
ඇත්තටම හරේ අයියා කියපු කතාව මාත් අහලා තිබුනා, කිව්වේ කවුද කියලා නොදන්නවාට. ඒ වගේම මේකේ අවසානයේදි ඒක මතකුත් උනා. මේ කරගෙන බොරුව, ඇන්දිල්ලත් එක්ක කාලෙකින් පස්සෙ උඹෙන් ආපු කවිය සිරා!
RanDil said…
ඔන්න වැඩේ නේද? ජයසිරිමා බෝධියෙන් ඵලගත් ඇටයක් කාලා වුනත් සැළලිහිණියෙක් පැල කලත් ඒක ඉතිං කපුටු බෝම තමයි නේද?
Charmi said…
@ RanDil,
නැතුව? ජාන ජයශ්‍රීමා හාමුදුරුවන්ගෙ උනත් වැදුවේ කපුටෙක් නම් නෝ චාන්ස්.........

ගොඩක් පැති වලට යන්න පුළුවන් අපූරු නිර්මාණයක්.
Weni said…
සොරි මචෝ මම උඹව කියවල තියෙනවනෙ මාරෙට.. කමෙන්ට් කරල නම් නැහැ..මට එක පාරටම මතක් නැති උනා බ්ලොග් එකේ නම..

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...