1.21.2011

ඇවිත් පලයන් එක දවසකට...

ආයෙමත් පරණ ඉරම හෙටත් 
පෑව්වාට....
මකර තොරණින් කැන්දගෙන යන්න 
බැරිවුනාට....
එන පාර දිගට 
මල් නොපිපුනාට....
යථාර්තයට බයේ 
ගුලිවෙලා හැංගුනාට...
ඇවිත් පලයන්...
යන්නං කියන්න....
ජීවිත කාලයම මට 
උඹත් එක්ක 
ජීවත් වෙන්න.....

7 අදහස්:

සුසිත රවින්ද සෙනරත් said...

පට්ට...

පිණිබිඳු... said...

එක තත්පරයකට
දැක්කත් ඇති
කල්පයක්
ජීවත් වෙන්න

~RaසිකyA~ said...

කිසිදාක......,
නොහලන්න කදුලක්
ගෙන මුවට මුකුලක්
හිනැහෙන්න නැවතත්
රැදෙනු තව මොහොතක්...

Ansh Lucky Sri Jay said...

මේක නම් පට්ට ඇඹා..!!
මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න.

:;;;:_€ⱤḀᾓԌᾎ_::;;; said...

ඔච්චරටම අව්ලට කවි ලියවෙනවනම්... පරණ ඉරටම පායන්ට ඉඩ දුන්නනම් ඉවරනෙ... ඒත් ඉතින් "එතකොට දියත් කුලේ අපි" තමයි පාළුවට යන්නෙ, මොකද එතකොට "අව්ලට ලියන කවි" නෑනෙ...

නරකයා....!! said...

පරණ ඉර ම පැයුවාට.... අළුත් මල් හැමතැනම.....!!

sevenby3 said...

ලාංකාවේ නව වාස්තු වේදය සහ ගොඩනැගිලි පිලිබඳ බ්ලොග් සටහනක්
http://sevenby3.blogspot.com/