
මගේ ගෙදර සාලයක් ඇත...
එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත...
තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත...
නමුත්....
එය රාමුවකින් වටවී ඇත...
එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත...
එයද රාමුවකින් වටවී ඇත...
එහි එල්වා ඇති මවගේ පිංතූරයද
රාමුවකින් වටවී ඇත...
එහි මගේ පින්තූරයද එල්වා ඇත...
එය රාමුවකින් වටවිය යුතුව නැත...
නමුත්....
එය වටාද රාමුවක් ඇත..
Tips & Tricks of Mobitel HSDPA Modems…..
1 hour ago


20 අදහස්:
මමත් හිතං හිටියා මගේ පින්තූර වටේ රාමු නෑ කියලා. බලාගෙන යනකොට රාමුවක් නැති මොනම පින්තූරයක්වත් නෑ.
ඔබ රාමු වීමට අකමැති වුවද අනිවාර්යෙන්ම කවුරුන් හෝ ඔබව රාමු කරනු ඇත.
මම කියන්නද? පොඩ්ඩක් වැටෙන්න, රාමුව කැඩෙවි එක්කො. නැත්තං අඩුම තරමේවත් විදුරැව බිදෙවිනේ?
ඕන ඔට්ටුවක්! ඕක අයින් කරන්න බෑ.. හැබැයි නෑ කියලා හිතා ගන්න පුළුවන්!
පනපිටින්ම රමුවක දාල තියෙද්දි ඉතින් පොටෝ එකට නැති උනා කියලා නිදහසක් තියේයැ
රාමුවක් එක අතකට තියෙන්නත් ඕනි... ඒත් ඇයි අපි හිරවෙලා ඉන්නේ.. ඇත්තටම අපිට හිරවෙන්නෙ නැතුව ඉන්නම බැරිද...
මම හිතන්නේ අපිව රාමු කරලා තියෙන්නේ අපි වටේ තියෙන මේ සම්මතයන්... ඇත්තටම මේවා නැතුව අපිට ජීවත් වෙන්න බැරිද...?
සම්මතයන් නැතුව ඉන්න බැලුවා මචන්... හරි ගියේ නෑ.... අම්මා තාත්තා ඉඳන් පිස්සා කියන්න පටන් ගත්තා
ඔබේ පියා ඔබේ සීයා සහ මව ද්විමාන තලයක් මත රාමුගත වුණු සද ඔබ ද ඉන්ද්‍රිය ගෝචර ලෙස ත්‍රිමාණ තලයක් මත රාමු ගත වී ඇත,
එළකිරි මචං..........මට කරුනු දෙකක් තියෙනවා මේක ගැන
1 රාමුවක් තියෙන බව දැනගැනීමම ලොකු ජයග්‍රහණයක්. මොකද ගොඩාක් අය එහෙම එකක් තියෙන බව පිළිගන්න කැමති නැහැ.තමන් එහෙම කොටු වෙලා නැති බවයි හිතන්නේ.
2 රාමුවක් තියෙන බව දැන දැනත් ඒකෙන් පිටතට යන්න උත්සාහ නොකිරීම. මේක අපේ සංස්කෘතියනේ, අම්මා බනියි(පිටස්තරයාට නොවේ)සමාජය නොපිළිගනියි කියලා හිතලා අන්ත දුක් විදගෙන කොටුව ඇතුලට වෙලා ඉන්නවා.(කොටුව ඇතුලේ සනීප නම් එළියට එන්න ඕනම නෑ)
ඔළුව එළි කලාට ස්තූතියි
@Palitha
=D
"අපේ ගෙදර තිබුණා
අපේ සීයගේ පින්තූරයක් ....
ඒක වටේ හතරැස් රාමුවක්......
අපේ තාත්තා කියන විදිහට
තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්
තිබිල තියෙන්නෙ
හතරැස් රාමුවක්....
ඇයි අපේ තාත්ත.....
තාත්ත ගේ පින්තූරෙ වටෙත්
හතරැස් රාමුවක්....
එතකොට ,
මම ......"
උපුටා ගැනීම
සියපතක උදානය සමරු කලාපයෙනි
(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)
රචකයා - වින්දන විධුර කුමාර කහඳගේ
මේ ඉදිරිපත් කිරීම ගැන සමාවෙන්න. නමුත් මට හිතෙනවා මුල් රචකයා ගැන ඔබ යම් හෝ සඳහනක් කලා නම් වටිනව කියල.
ස්තූතියි
"අපේ ගෙදර තිබුණා
අපේ සීයගේ පින්තූරයක් ....
ඒක වටේ හතරැස් රාමුවක්......
අපේ තාත්තා කියන විදිහට
තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්
තිබිල තියෙන්නෙ
හතරැස් රාමුවක්....
ඇයි අපේ තාත්ත.....
තාත්ත ගේ පින්තූරෙ වටෙත්
හතරැස් රාමුවක්....
එතකොට ,
මම ......"
උපුටා ගැනීම
සියපතක උදානය සමරු කලාපයෙනි
(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)
රචකයා - වින්දන විධුර කුමාර කහඳගේ
මේ ඉදිරිපත් කිරීම ගැන සමාවෙන්න. නමුත් මට හිතෙනවා මුල් රචකයා ගැන ඔබ යම් හෝ සඳහනක් කලා නම් වටිනව කියල.
ස්තූතියි
අම්මට සිරි, ඇත්තටම මටත් මේ සටහන ගැන පොඩි හුරුවක් තිබුනා. පෙන්නල දුන්නට තෑන්ක්ස් ක...ක අයියේ......
ඇත්තටම සමාව ඉල්ලන්න ඕනි වැඩක් තමා.. මේක මම උපුටා ගත්තේ වින්දන සහෘදයා කරපු කතාවකින්.. පාලිතට පුරුදු ඇත්තේ ඒ කතාව කරන වෙලාවෙ එයත් එතන හිටපු නිසා වෙන්න ඇති.. (රාජකීය කලා සංසදයේ එතුමාගේ ස්තුති කතාවෙදි ) මම උපුටා ගත්තේ ලේඛනයකින් බව නොදැන සිටි නිසා මම රචකයාගේ නම සඳහන් කලේ නැත... සමාව....
උඔට ටිකක් අමතක වෙලා, වින්දන මේක මුලින්ම ලියලා තිබුනේ සියපතක උදානය සමරු කලාපයේ, ඒකයි පටලැවුනේ.
කොහොමවුනත් අවුලක් නෑ මචං. උඹ ඒ ලිපිය දැම්මේ මිනිස්සුන්ගේ ඔළුව පළල් කරන්නේ. අරමුන හොද නිසා ඔය වගේ වැරදි එච්චර හිතන්න ඕන නෑ. මිනිස්සුන්ගේ මනුස්සකම් අමතක කරන්න, පටු කරන්න තමන්ගේ බ්ලොග් එකේ පත්තර කොපි කර කර දාන එවුන් ඉන්න එකේ උඹව අධෛර්යමත් කරන එක කොහොමටත් කරන්න බැරි වැඩක්. වැරදි අවම කරගනිමින් අපි විදින, විදපු දේවල් ලෝකෙත් එක්ක බෙදා ගැනීමට ගත්ත උත්සාහය අත්හරින්න එපා.
අමනුස්සකම්වලට එරෙහි සටනට කොන්දේසි නෑ
@ ආගන්තුකයට,
අවංකකමට ආචාරය!
එක අතකින් ඔය රාමුව තියෙන එක හොඳයි...
අපි හැමෝම රාමු වෙලා ඉන්නේ..
ඉපදුනු දවසේ ඉඳලා මැරෙන දවස වෙනකල්ම.. කරන්න තියෙන හොඳම දේ තමයි පුළුවන් තරං වෙර දාලා ඔය රාමුව හැකි උපරිමේකට විශාල කරගන්න එක..
එතකොට මොහොතකට හරි "මම රාමු වෙලා නෑ" කියලා හිතාගන්න පුළුවන් වේවි..
කොච්චර රාමු බිඳගෙන ගියත් මමත්වය කියන රාමුව බිඳින කෙනා තමයි දිනන්නෙ. මෙතෙන්දි මම කියල කියන්නෙ කව්ද කියල දැන ගැනීමත් වැදගත්. මම දකින විධියට මම කියන්නේ දැනුමයි. මොකද මගේ අත-පය, හදවත හෝ ඇඟේ මොනම කොටසක් බද්ධ කලත් ඒ මමමයි. නමුත් මගේ දැනුම (මම ඉපදුන දා සිට එකතු කරන) දැනුම වෙනස් කලොත් මම වෙනස් වෙනවා. (මොළය බද්ධ කරන්න බෑ කියන්නෙ අපි ඒකෙන් එහි ගබඩා වෙලා තියෙන දැනුම වෙන් කරන්න දන්නෙ නැති හිංද. ඒක දැනගත්තදාට මොළත් බද්ධ කරාවි!) අන්න එතැනයි නියම නිදහස. මෙකත් කියවලා බලන්න.
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_23.html
Post a Comment