Skip to main content

රාමුව....


මගේ ගෙදර සාලයක් ඇත...
එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත...
තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත...
නමුත්....
එය රාමුවකින් වටවී ඇත...
එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත...
එයද රාමුවකින් වටවී ඇත...
එහි එල්වා ඇති මවගේ පිංතූරයද
රාමුවකින් වටවී ඇත...
එහි මගේ පින්තූරයද එල්වා ඇත...
එය රාමුවකින් වටවිය යුතුව නැත...
නමුත්....
එය වටාද රාමුවක් ඇත..

Comments

Anonymous said…
මමත් හිතං හිටියා මගේ පින්තූර වටේ රාමු නෑ කියලා. බලාගෙන යනකොට රාමුවක් නැති මොනම පින්තූරයක්වත් නෑ.
ඔබ රාමු වීමට අකමැති වුවද අනිවාර්යෙන්ම කවුරුන් හෝ ඔබව රාමු කරනු ඇත.
මම කියන්නද? පොඩ්ඩක් වැටෙන්න, රාමුව කැඩෙවි එක්කො. නැත්තං අඩුම තරමේවත් විදුරැව බිදෙවිනේ?
malee_msg said…
ඕන ඔට්ටුවක්! ඕක අයින් කරන්න බෑ.. හැබැයි නෑ කියලා හිතා ගන්න පුළුවන්!
said…
පනපිටින්ම රමුවක දාල තියෙද්දි ඉතින් පොටෝ එකට නැති උනා කියලා නිදහසක් තියේයැ
ගෝමස් said…
රාමුවක් එක අතකට තියෙන්නත් ඕනි... ඒත් ඇයි අපි හිරවෙලා ඉන්නේ.. ඇත්තටම අපිට හිරවෙන්නෙ නැතුව ඉන්නම බැරිද...
මම හිතන්නේ අපිව රාමු කරලා තියෙන්නේ අපි වටේ තියෙන මේ සම්මතයන්... ඇත්තටම මේවා නැතුව අපිට ජීවත් වෙන්න බැරිද...?
සම්මතයන් නැතුව ඉන්න බැලුවා මචන්... හරි ගියේ නෑ.... අම්මා තාත්තා ඉඳන් පිස්සා කියන්න පටන් ගත්තා
Anonymous said…
ඔබේ පියා ඔබේ සීයා සහ මව ද්විමාන තලයක් මත රාමුගත වුණු සද ඔබ ද ඉන්ද්‍රිය ගෝචර ලෙස ත්‍රිමාණ තලයක් මත රාමු ගත වී ඇත,
Palitha said…
එළකිරි මචං..........මට කරුනු දෙකක් තියෙනවා මේක ගැන
1 රාමුවක් තියෙන බව දැනගැනීමම ‍ලොකු ජයග්‍රහණයක්. මොකද ගොඩාක් අය එහෙම එකක් තියෙන බව පිළිගන්න කැමති නැහැ.තමන් එහෙම කොටු වෙලා නැති බවයි හිතන්නේ.
2 රාමුවක් තියෙන බව දැන දැනත් ඒකෙන් පිටතට යන්න උත්සාහ නොකිරීම. මේක අපේ සංස්කෘතියනේ, අම්මා බනියි(පිටස්තරයාට නොවේ)සමාජය නොපිළිගනියි කියලා හිතලා අන්ත දුක් විදගෙන කොටුව ඇතුලට වෙලා ඉන්නවා.(කොටුව ඇතුලේ සනීප නම් එළියට එන්න ඕනම නෑ)
ඔළුව එළි කලාට ස්තූතියි
"අපේ ගෙදර තිබුණා
අපේ සීයගේ පින්තූරයක් ....
ඒක වටේ හතරැස් රාමුවක්......

අපේ තාත්තා කියන විදිහට
තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්
තිබිල තියෙන්නෙ
හතරැස් රාමුවක්....

ඇයි අපේ තාත්ත.....
තාත්ත ගේ පින්තූරෙ වටෙත්
හතරැස් රාමුවක්....

එතකොට ,

මම ......"



උපුටා ගැනීම

සියපතක උදානය සමරු කලාපයෙනි
(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)

රචකයා - වින්දන විධුර කුමාර කහඳගේ


මේ ඉදිරිපත් කිරීම ගැන සමාවෙන්න. නමුත් මට හිතෙනවා මුල් රචකයා ගැන ඔබ යම් හෝ සඳහනක් කලා නම් වටිනව කියල.

ස්තූතියි
"අපේ ගෙදර තිබුණා
අපේ සීයගේ පින්තූරයක් ....
ඒක වටේ හතරැස් රාමුවක්......

අපේ තාත්තා කියන විදිහට
තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්
තිබිල තියෙන්නෙ
හතරැස් රාමුවක්....

ඇයි අපේ තාත්ත.....
තාත්ත ගේ පින්තූරෙ වටෙත්
හතරැස් රාමුවක්....

එතකොට ,

මම ......"



උපුටා ගැනීම

සියපතක උදානය සමරු කලාපයෙනි
(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)

රචකයා - වින්දන විධුර කුමාර කහඳගේ


මේ ඉදිරිපත් කිරීම ගැන සමාවෙන්න. නමුත් මට හිතෙනවා මුල් රචකයා ගැන ඔබ යම් හෝ සඳහනක් කලා නම් වටිනව කියල.

ස්තූතියි
Palitha said…
අම්මට සිරි, ඇත්තටම මටත් මේ සටහන ගැන පොඩි හුරුවක් තිබුනා. පෙන්නල දුන්නට තෑන්ක්ස් ක...ක අයියේ......
ඇත්තටම සමාව ඉල්ලන්න ඕනි වැඩක් තමා.. මේක මම උපුටා ගත්තේ වින්දන සහෘදයා කරපු කතාවකින්.. පාලිතට පුරුදු ඇත්තේ ඒ කතාව කරන වෙලාවෙ එයත් එතන හිටපු නිසා වෙන්න ඇති.. (රාජකීය කලා සංසදයේ එතුමාගේ ස්තුති කතාවෙදි ) මම උපුටා ගත්තේ ලේඛනයකින් බව නොදැන සිටි නිසා මම රචකයාගේ නම සඳහන් කලේ නැත... සමාව....
Palitha said…
උඔට ටිකක් අමතක වෙලා, වින්දන මේක මුලින්ම ලියලා තිබුනේ සියපතක උදානය සමරු කලාපයේ, ඒකයි පටලැවුනේ.
‍කොහොමවුනත් අවුලක් නෑ මචං. උඹ ඒ ලිපිය දැම්මේ මිනිස්සුන්ගේ ඔළුව පළල් කරන්නේ. අරමුන හොද නිසා ඔය වගේ වැරදි එච්චර හිතන්න ඕන නෑ. මිනිස්සුන්ගේ මනුස්සකම් අමතක කරන්න, පටු කරන්න තමන්ගේ බ්ලොග් එකේ පත්තර කොපි කර කර දාන එවුන් ඉන්න එකේ උඹව අධෛර්යමත් කරන එක කොහොමටත් කරන්න බැරි වැඩක්. වැරදි අවම කරගනිමින් අපි විදින, විදපු දේවල් ලෝකෙත් එක්ක බෙදා ගැනීමට ගත්ත උත්සාහය අත්හරින්න එපා.
අමනුස්සකම්වලට එරෙහි සටනට කොන්දේසි නෑ
kasun said…
@ ආගන්තුකයට,

අවංකකමට ආචාරය!
Kanch said…
එක අතකින් ඔය රාමුව තියෙන එක හොඳයි...
අපි හැමෝම රාමු වෙලා ඉන්නේ..
ඉපදුනු දවසේ ඉඳලා මැරෙන දවස වෙනකල්ම.. කරන්න තියෙන හොඳම දේ තමයි පුළුවන් තරං වෙර දාලා ඔය රාමුව හැකි උපරිමේකට විශාල කරගන්න එක..
එතකොට මොහොතකට හරි "මම රාමු වෙලා නෑ" කියලා හිතාගන්න පුළුවන් වේවි..
කොච්චර රාමු බිඳගෙන ගියත් මමත්වය කියන රාමුව බිඳින කෙනා තමයි දිනන්නෙ. මෙතෙන්දි මම කියල කියන්නෙ කව්ද කියල දැන ගැනීමත් වැදගත්. මම දකින විධියට මම කියන්නේ දැනුමයි. මොකද මගේ අත-පය, හදවත හෝ ඇ‍ඟේ මොනම කොටසක් බද්ධ කලත් ඒ මමමයි. නමුත් මගේ දැනුම (මම ඉපදුන දා සිට එකතු කරන) දැනුම වෙනස් කලොත් මම වෙනස් වෙනවා. (මොළය බද්ධ කරන්න බෑ කියන්නෙ අපි ඒකෙන් එහි ගබඩා වෙලා තියෙන දැනුම වෙන් කරන්න දන්නෙ නැති හිංද. ඒක දැනගත්තදාට මොළත් බද්ධ කරාවි!) අන්න එතැනයි නියම නිදහස. මෙකත් කියවලා බලන්න.
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_23.html

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…