වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා. පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ. හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකා...
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.