Skip to main content

Posts

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…
Recent posts

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…

නිර්වාණයේ දොරකඩ හිඳිමි.

පුරහඳ.. හැමදාම නැතිවුනත්. හැමදාම තිබුනත්. මට ඒ පුරහඳ මතක් වෙන්නේ මාසෙකට සැරයයි..
පුරහඳේ.. හාවෝ හිටියත්.. හාවෝ නොහිටියත්.. මට ඒ පුරහඳ මතක්වෙන්නේ මාසෙකට සැරයයි...

පුරහඳ.. ආවත් නොආවත්.. ඒ පුරහඳ තියෙනකම්.. මම නිර්වාණයේ දොරකඩ..
ඇතුල්වීම තහනම්..

දිග කතාවකින් උපුටන දහයක්.

"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා." ....................................................................
"මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා." ....................................................................
සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කපුගේගෙ සින්දු කියනකොට සම්පත් ඇත්තටම තරුවක් තමා කියලා මටත් හිතෙන්න පටන් අරන් තිබුනේ. කොහොමත් වැඩිකල් නොගිහින්ම සංගීත සංදර්ශන වල නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙන ලක්ෂන සම්පත්ගේ පහල වෙමින් තිබුනා. ඒකට එක එක්කෙනා එක එක අර්ථකතන දුන්නට මම නම් අජිත් බොස්ගේ ප්ලෑනින් හින්දා සම්පත් මේ තැනට ආවා කියන එක තරයේ විශ්වාස කලා.
....................................................................
"ඇස්පේන්නේ නැති මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි එකෙක් මාසෙකට ලක්ෂ හතරක් පහක් හොයන එ…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

වයිරා.

මම වයිරා.
කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්.

මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා.

හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට කැමතියි කියලා. හඳයාට රත්ති කැමති නැති බව රත්ති මට කියලා තිබුනා. ඒත් ඊයේ පාන්දර ගලගාව වෙල්යායේදී රත්ති හඳයාට කැමැත්ත දුන්නා කියලා කිව්වා. ඒ ඇයි කියන්න රත්ති දැනගෙන හිටියේ නෑ, එක්කෝ කියන්න බැරිකමක් තිබුනා, නැත්නම් වුවමනාවක් තිබුනේ නෑ වෙන්නත් පුළුවන්.

රත්ති එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. ඒත් රත්තිගේ ඒ දික් හොම්බ, වයිරන් වැටුන හම, සැරින් සැරේ මැස්සෝ අයින් කරන්න මගේ පිට උඩට වැටෙන රත්තිගේ නැට්ට. මේවාට මම ඒ සතිය ඇතුලේ වශීවෙලා හිටියේ.

මම ටිකක් වෙලා පැත්ත ගහලා ඉඳලා ආයි රත්තිට කතා කලා. රත්ති ඇඬුවා, දෙඩුවා, පොලවේ හැපුනා, ඒත් ඊයේ හැම ප්‍රශ්නෙටම උත්තර තිබුන රත්තිට මගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිවෙලා. සරලවම අපේ සම්බන්දේ ඉවරයි.

කො…

එහිතට ඇමතුවෙමි.

නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර..

පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපාට මිරිස් කෑල්ලක් හිරවී ඇත. සමහරවිට ඒ දත චාර්වක දතක් විය හැක. එය කෘන්තක දතක් හො රදනක දතක් නම් නොවේ.

එකවර සියල්ල නිල් පැහැ වේ.

නිල් කඩදාසියක් ඉදිරිපිට ජෙනිෆර් ලෝපේස් නටනු පෙනේ කඩදාසියෙන් ඔටුවෙකු සැදී ජෙනිෆර් ලෝපේස් ඔටුවා පිට නැග යයි. මට ඔටුවා සෑදුන ආකාරය නැවත බැලීමට උවමනා විය. සරලය රිවයින් කලයුතුය. රිවයින් කිරීමට රිමෝට් එක සෙවීම හෝ ප්ලේයරය ලඟට යා යුතුය. මම නැගිටීමට උත්සාහ කලෙමි. මොලයට නැගිටීමට අවශ්‍ය වුවත් කකුල්වලට ඒ සඳහා වුවමනාවක් නැත. මම අන්තිම උගුරට පසු උගුර ඇදීමට සූදානම්ය.

තිලාපියා තාමත් ෆිල්ටර් එක ලඟට කට කිට්ටු කර නැත. අවසාන පැකට්ටුව තාමත් ඔතා අවසන් කලේ නැත.
නිල් කඩදාසියක් ? ඔව් එය නිල් කඩදාසියකි. එය මාන දෙක තුනක් ගනකම වැඩි A4 කොලයකි. තිලාපියා ලඟ තිබූ නිල්පාට කූරේ රතුපාට කෙලවර දීප්තිය වැඩිවනු පෙනේ.

ලයිටරයෙන් මාත් නිල් කූර දල්වාගතිමි. තව තප්පරයකින් මම මගේ පෙනහළු කෙලවරට ඒ කාබන් පිරුනු කැ…