Skip to main content

දිග කතාවකින් උපුටන දහයක්.


"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා."
....................................................................
"මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා."
....................................................................
සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කපුගේගෙ සින්දු කියනකොට සම්පත් ඇත්තටම තරුවක් තමා කියලා මටත් හිතෙන්න පටන් අරන් තිබුනේ. කොහොමත් වැඩිකල් නොගිහින්ම සංගීත සංදර්ශන වල නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙන ලක්ෂන සම්පත්ගේ පහල වෙමින් තිබුනා. ඒකට එක එක්කෙනා එක එක අර්ථකතන දුන්නට මම නම් අජිත් බොස්ගේ ප්ලෑනින් හින්දා සම්පත් මේ තැනට ආවා කියන එක තරයේ විශ්වාස කලා.
....................................................................
"ඇස්පේන්නේ නැති මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි එකෙක් මාසෙකට ලක්ෂ හතරක් පහක් හොයන එක පුදුමයක් වගේ පෙනුනට ඒක එහෙම නෑ. මහේෂ්ටත් ඒකෙන් වාසියක් නැතුව නෙමෙයිනේ. හරි ඔය ලක්ෂ හතර පහෙන් ගානක් මහේෂ්ගේ සාක්කුවට යන්නේ නෑ කියලද කියන්නේ?"
....................................................................
"මහේෂ්, සම්පත් අර ගෘප් එකේ එවුන් කියන සින්දුවලට නටනවා පිලිවෙල වැඩියි. උපන්දා ඉඳන් ඇස් පේන්නේ නැති පොරක් එහෙම නටන්න විදිහක් නෑනේ. අනික් ඒක පිලිවෙල වැඩියි. ඔය නටන සිස්ටම් එක ඔයිට වඩා හරිකිත විදිහට පෙන්නන්න වෙයි. එහෙම බැරිනම් නටන්න එපා කියන්න. "
....................................................................
"ඉතිං ඉතිං.. මචං කියපන්. උඹ මෙඩිසින් ගියා කියලා මට ආරංචි වුනා. ඊටපස්සේ මොකද වුනේ කියලා මම දන්නේ නෑ. "
"මචං මම දැන් අයි ස්පෙශලිස්ට් කෙනෙක් ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නේ.
හොඳයි මචං මිනිහෙක්ට පෙනීම දෙන එක පින්සිද්ධ වෙන වැඩක්."
....................................................................
"එතකොට මචං උඹ කියන්නෙ මේක සනීප කරන්න පුළුවන් කියලද? එහෙනම් ඉතින් අපිට වැඩි කල් ගන්න දෙයක් නෑනේ. අපි වැඩේ ඉක්මනට කරමු."
....................................................................
"අයිසෙ මහේෂ් තමුසෙට පිස්සුද? තමුසෙ කියන්නේ ඇස් පේන සම්පත්ට කලින් වගේ මිනිස්සු කැමති වෙයි කියලාද? මම සම්පත්ගේ අම්මටයි තාත්තටයි කතා කරන්නම් ඔය වැඩේ අතෑරලා දානවා අයිසේ."
....................................................................
"දැන් තමුසෙට මොකද මේ සම්පත්ගේ අම්මාටයි තාත්තටයි නැති අමාරුවක්. මතක තියාගන්නවා මහේෂ් තමුසෙ තව මාස හයකින් බඳින්න ඉන්නේ. තමුසෙගෙ කෙල්ලට ඕනි විදිහට වෙඩින් ගන්න මේ වැඩේ කලොත් තමුසෙට හම්බවෙන්නෙ නෑ. මට නම් ප්‍රශ්නයක් නෑ. මට ඕනි තරම් මැනේජර්ස්ලත් ඉන්නවා ක්ලයන්ට්ලත් ඉන්නවා විකිනෙන්න බලාගෙන. තමුසෙ හිතනවා තමුසෙට මොකද වෙන්නේ කියලා. තමුසෙට මම පැයක් දෙන්නම් හොඳට කල්පනා කරලා බලලා තමුසෙගෙ තීරණය මට කියනවා. මතක ඇතුව පැයකින් මට කෝල් එකක් දෙනවා."
....................................................................
මම දුරකථනය අතට ගත්තෙමි.
........................................................

Comments

ෂහ් වෙනස් නේ! මරු මරු!

ඇත්තටම ධූරාවලියෙ මැද්දෙ ඉන්න මිනිහෙක් ධූරාවලියෙ යට ඉන්න මිනිස්සුන්ගෙ සිස්ටම් එක වෙනස් කරන්න හදනව කියන්නෙ ධූරාවලියෙ උඩ ඉන්න මිනිස්සුන්ට ලඟ ලඟම ප්‍රශ්නයක් එනව කියන එක.

මමත් කැමති නැහැ දැන්ම සම්පත්ගෙ ඇස් පේන්න ගන්නවට. ඒක වෙන්න ඕන තව කාලයක් ඔය බිස්නස් එකේ ඉඳල, හොඳ ගානක් හොයාගෙන, මිනිස්සුන්ගෙ අනුකම්පාව නොලැබෙන ගානට සම්පත් ලොකු වුනාට පස්සෙයි. දුප්පත් සම්පත්ට ඇස් පේනවට වඩා ලක්ෂපති සම්පත්ට ඇස් පේන එක හොදයි.

මචං මහේෂ්, කෝල් එක දීල කියපං උඹ අජිත් ලොක්කට එකඟයි කියල.
Unknown said…
සරලවම, ඇස් දෙක පේනවාට දැන් සම්පත් වුණත් කැමති නෑ. මොකද, ඇස් පේන සම්පත්ට වඩා ඇස් නොපෙනෙන සම්පත්ගෙ පවර් එක වැඩියි.
එතකොට ඔය උඩ ඉන්න උඹලා කියන්නේ සම්පත්ට තව ටිකක් කල් අරන් ඕක කලා නම් ඒ කියන්නේ ඇස් පේන්න දුන්නා නම් වැඩේ ගොඩ කියලද?
සමහර වෙලාවට සිස්ටම් එක ඇතුලේ තියෙන නරුම බව මචන්ලා මිනිස්සුන්ට එෆෙක්ට් වෙන්නේ උන්ට දැනෙන්නේ වත් විදියට.., සමහර විට සම්පත් ආස ඇති හම්බ කරන ලක්ස කීපෙට වඩා ඉක්මනටම ලෝකේ දකින්න, ඒත් කරුමේ කියන්නේ සල්ලි මත හැම දේම තීරණේ වෙන ලෝකෙක කොහෙද පිං පවු ගැන තැකිල්ලක්.., අකමැත්තෙන් උනත් උඹ ඔය ෆෝන් එක ගන්නේ ලොක්කාගේ යෝජනාවට කැමතියි කියන්න නම් මම මෙතනින් එහාට මොකවත් කියන්නේ නෑ.., ඒත් සම්පත් ගැන උඹ 100%ක් හිතනවා නම් උඹට මෙහෙම එක එකාගේන් අහ අහ ඒ කොල්ලගේ අනාගතේ තීරණේ කරන්න ඕනේ නෑ.., අවාසනාවට උඹ එහෙම කරන්නේ උණේ ජීවිතේත් ඇස් නොපෙනෙන සම්පත්ගේ අනාගතයේදී ඇස් පෙනීම නොපෙනීම අතර දෝලනය වෙන හින්දා වෙන්න ඇති.
.
වැඩිය ලියන්න ඕනේ නෑ. මාස කීපයක් ඉඳලා හරි මෙහෙම ටිකක් කුරුටු ගෑවම හොඳටම ඇති.
ඔයාට කවදහරි දවසක ඔයාගෙ ඇස් දෙක හෝ සල්ලි කියන දෙකෙන් එකක් තෝරගන්න උනොත් ඔයා තෝරගන්නෙ මොකක්ද. අන්න ඒදේ තමයි සම්පතුත් තෝරා ගන්නෙ.
hare :-) said…
තමන් වෙනුවෙන් වෙන මිනිස්සු තීරණ ගන්න එක ගැන සම්පත්ට කිසිම අදහසක් නැතිව ඇති.

උඹ වෙනුවෙන් මට තීරණයක් ගන්න තියනවනං මම කරන්නෙ මේ බ්ලොගේට 5S දාන එක :P
Sabith said…
සිස්ටම් එක ඇතුලේ වෙනසක් කරන්න නම් ලොකු බලය්ක් තියෙන්න ඕන. ඒකට ඉහලටම යන්න ඕන. හැබැයි ඒ බලය ලබාගන්න සිස්ටම් එකේ ඉහලට යන්න ගතකරන කාලය තුල ඔය අදහස් කියන දේවල් වෙනස් වෙනවා. මිනිස්සු වෙනස්වෙනවා. ඒකයි සමාජ යතාර්ථය!
ඇතිවීම වගේම නැතිවීමත් ආකර්ශනයට හේතුවක්.. දැන් පුක ලොකු කෙල්ලන් දිහා අපි බලනවා පුක ලොකු නිසා... ඒ වගේම නාටු ලෑලි පුක් තියෙන කෙල්ලො දිහාත් බලනවා මොකෝ පුක නැති නිසා...
අපි හිතුවට පුක නැති කෙල්ලට හොද කොල්ලො සෙට් වෙන එකක් නැහැ..එයාට ආකර්ශනේ එන එකක් නැහැ කියලා එහෙමම නැහැ..

ආහා අරකිට මොකුත්ම නෑ කියලාත් අපි තියනවද කියල බලන්න වගේ ටික වෙලාවක් බලං ඉන්නවා. ඒ වෙලාව වැඩිවෙන්න වැඩිවෙන්න අපිට කෙල්ලෙග් වෙන ලස්සනතැන් පේන්න ගන්නවා.. කොන්ඩ ලස්සන නම් ඒක පේනවා.. නැත්තං ඇවිදින විදිය ගති නම් ඒක පේනවා..

හැබැයි සමහර විට ඇග පත හොදට ලස්සනට තියෙන කෙල්ලෙක් දිහා ඒ තරම් ඇහැ යන් නැහැ. මොකද මේක අච්චුවෙ දාපු ගැඩොල වගේ හැම එකම ගාන්ට තියෙනවා කියල අපි දන්නවා.. අපිට ඒ වගේ සාමාන්‍ය කෙල්ලො ඕනි තරම් ටී වී එකෙන් වීඩියෝ වලින් බලත හැකි..
duliponline said…
තව ටිකක් සල්ලි හොයලම ඇස්දෙක සනීපකරන එක හෝ කවදාවත්ම ඇස්දෙක සනීප නොකරන එක තමයි අවසානයට වෙන්නෙ
Biz said…
Nice article keep up the good work

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං