Skip to main content

Posts

Showing posts from 2011

විසබීජ..

"hope you will come back" මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් කෑල්ල අතට ගතිමි. ෴෴෴෴෴෴෴෴෴ දැනට අවුරුදු පහලොවක සිට මට යාපනයේ සංචාරය කිරීමේ ඇරියස් එකක් තිබුනි. ජාතියේ වාසනාව නිසා එය සාක්ෂාත් කරගන්නා විට පොඩී එකීට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබුනි. නොමිලේ ලැබුන සංචාරය අවසානයේ යාපනයේ ජනයාගේ තොරතුරු තාක්ෂන දැනුම ගැන සවිස්තරාත්මක වාර්තාවක් භාරදිය යුතුව තිබුනි. විජිතා මගේ මාර්ගෝපදේශිකාව වූවාය. අවුරුදු තිස්පහක් වන්නට ඇත. ප්‍රියමනාපය. ඉදිරි දත් දෙක අතර හිදැසක් ඇත. ඇය දෙමල දනී. මම සිංහල නොදනී. ගමන ආරම්භ වූයේ වව්නියාවෙනි, එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්

සැරද?

තුලාධර ගැහැණියගේ කාලවර්ණ රෙදිපට අහිමිකල.. සුද්දන්ගේ කෙලිය  සුද්දන්ට වෙන්දේසිකල..  පැතිරවූ මුසාවට  සම්මාන හිමිකල.. ත්‍රස්තයන් සමග නිදිවැද මැක්කන් යවෙස් ලූ.. අපි..  සුරා සූදුවෙන් තොර  ආශ්චර්යයක් කරා  පියනගයි..  සැරද? 

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ. තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය. අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ බාල බොනී අයියා උසින් අඩින් පහයි එකොලහක් වූ මටත් වඩා අඟල් දෙකක් විතර උස දෙකේ දෙකේ පොරකි. අවාසනාවකට බොනි අයියා මට හමුවන විට බොනී අයියා චණ්ඩිකම් නවත්වා ඇත. එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ.  තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි. ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ.  ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් බොනීටද ඇත

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා. හමීඩ් නම් කිව්වෙ ඒවා ජිනේ වරායෙන් පන්නන ඒවා කිය

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ  කොටු වීදුරුව අස්සෙන්... එබීගෙන ඉන්න... විසබීජ තොගේකට...  ඔක්සිජන් බට වලට මැදිවෙච්ච.... උඹේ මැර මූණ පේනකොට..  වෙනදා හිනාවෙවී  ඉන්න එවුන්... අඬන්න ගත්තා... ඒත් උඹ එනකම්  තාම උන් හිනා වෙනවා...  වරෙන්...  මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්... නැත්නම් අපි තනියම බොනවා..  අනේ...  මචං... උඹ නැතුව බොන්න බෑ.... වරෙන්.... එනගමන් රයිස් එකක් දාගෙන  චීස් එකකුත්..  අරන් වරෙන්....

මම සිනාසෙමින් එලියට බැස්සෙමි..

සනී.. කොස් කඩේ ප්ලේන්ටි දාන යන්තරේ.. මල්ලි කියන්නේ ඔය යකාට ඔතන තියෙන බඩු ටික එහා මෙහා වුනොත් තමා යකා නගින්නේ?  එදාට ඉතිං කනක් ඇහිලා ඉවරයි..  විල්සන් අයියා. සනී අයියා දෙස බලාගෙන එහෙම කිව්වෙ තරහකින් නම් වෙන්න බෑ..  සනී. ලංකාවේ උඩ බලාගෙන තේ දාන එකම එකා. කහට පොඩ්ඩක් වැඩියෙන් තියෙන ගාණට සීනි දාපු තේක සිගරට් එකට කියාපු ප්ලේන්ටිය. රාජා මල් ප්ලේන්ටියයි කියලා කියපු ගමන් සාමාන්‍ය ප්ලේන්ටියට වඩා වැඩිපුර සීනි හැන්දක් එක්ක දාන ප්ලේන්ටිය එක්ක ලයිටරයත් බොයිලේරුව ලඟ තියලා සනී අයියා ඊළඟ ප්ලේන්ටිය දාන්න ගන්නවා.. සනී.. වැඩි හිනාවක් කතාවක් නැති විහිළු දන්නේ නැති චරිතයක්.. ප්ලේන්ටි දාන එකා හැම එකා එක්කම කතා කරන්න ඕනි නෑනේ මල්ලි.  දවසක් ඇහුවාම සනී අයියා එහෙම කිව්වා මතකයි..  මිනිහා ඔහොම තමා හෙණ ගහන්නා වගේ උත්තර දෙන්නේ.. ගනන් ගන්න එපා.  විල්සන් සනීට බනිනවාට වැඩි කැමැත්තක් නැත. සනී.. එක්දාස් ගනන්වල සිගරට් ඒජන්සියක් කරපු සල්ලිකාරයෙක්.  එක දවසක් හොරෙන් එකෙක් සිගරට් බන්ඩල් එකක් උස්සලා මූ ඌට වෙඩි තිබ්බනේ මල්ලි. මාර පොරක්. ඒ කාලේ ඕකා හෙන මැරයා. කට්ටිය කියන්නේ පතරොම් පටිය ඉණවටේ ඔතාගෙන හිටියා කියලා. ඔරුගොඩවත්තේ

ඇවිත් පලයන් එක දවසකට...

ආයෙමත් පරණ ඉරම හෙටත්  පෑව්වාට.... මකර තොරණින් කැන්දගෙන යන්න  බැරිවුනාට.... එන පාර දිගට  මල් නොපිපුනාට.... යථාර්තයට බයේ  ගුලිවෙලා හැංගුනාට... ඇවිත් පලයන්... යන්නං කියන්න.... ජීවිත කාලයම මට  උඹත් එක්ක  ජීවත් වෙන්න.....