"hope you will come back"මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් කෑල්ල අතට ගතිමි.
෴෴෴෴෴෴෴෴෴
දැනට අවුරුදු පහලොවක සිට මට යාපනයේ සංචාරය කිරීමේ ඇරියස් එකක් තිබුනි. ජාතියේ වාසනාව නිසා එය සාක්ෂාත් කරගන්නා විට පොඩී එකීට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබුනි. නොමිලේ ලැබුන සංචාරය අවසානයේ යාපනයේ ජනයාගේ තොරතුරු තාක්ෂන දැනුම ගැන සවිස්තරාත්මක වාර්තාවක් භාරදිය යුතුව තිබුනි.
විජිතා මගේ මාර්ගෝපදේශිකාව වූවාය. අවුරුදු තිස්පහක් වන්නට ඇත. ප්‍රියමනාපය. ඉදිරි දත් දෙක අතර හිදැසක් ඇත. ඇය දෙමල දනී. මම සිංහල නොදනී. ගමන ආරම්භ වූයේ වව්නියාවෙනි, එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්‍රථම වතාවට ස්ත්‍රියක හා යහන්ගත වුනෙමි.
෴෴෴෴෴෴෴෴෴
වතුර ටැංකියෙන් වැටෙන සීතල වතුර මගේ ශිර්ෂයෙන් පටන්ගෙන පාදයෙන් අවසන් වන සර්වාංගය දිගේ ඇති විසබීජ සමග මිශ්‍රවී වල වෙත ගලායයි. මෙය මෙතැනින් අවසාන කලයුතුව ඇත. මම දින හතරකට පසු ඇය සිහිවිය.
පිටතට එනවිට විජිතා ජනේලය දෙස බලාගෙන ඇයගේ බ්ලවුසයේ බොත්තම් දමයි.
"Its ok."ඇය මාදෙස බලා සිනාවූවාය. ඇගේ ඉදිරිපස දත් දෙක අතර ඇති සිදුරෙන් මම ඇයගේ හදවතට එබීමට උත්සාහ කලෙමි. දෙවරක් තුන් වරක් උත්සාහ කල මම එය අතහැර දැමීමි.
මේසය උඩ වාර්තාව සූදානම්ව ඇත. එහි පිටු අතරද විසබීජ රැඳී තිබීමට ඉඩ ඇත. නමුත් දැන් ඒවා පිරිසිදු කිරීමට ප්‍රමාද වැඩිය. මම ඉක්මනින් පිටත් විය යුතුය.
෴෴෴෴෴෴෴෴෴
තල් හකුරු සහ කොට්ට කිලංගු පාර්සලය මම ඇයගේ අතට දුනිමි..
"කෝ කෙල්ල නිදිද?"
"ඔයත් එක්ක තරහා වෙලා ඉන්නේ සතියක් අපිව අමතක කලා කියලා"ඇය සිනහ වේ. ඒ සිනහවද සුන්දරය. ඇගේ දත් අතර ඇති සිදුරෙන් හදවතට එබී බැලීමට මම කල උත්සාහය නැවතත් අසාර්ථක විය.
මම මද සිනාවක් පා පොඩි එකී දැකීමටවත් පමා නොවී නාන කාමරය දෙසට ගමන් කලෙමි. ඉක්මනින් විසබීජ සියල්ල සෝදා හැරිය යුතුය. තවත් විසබීජ ඉතිරිව තිබුනහොත් පොඩි එකී ලෙඩවීමට ඉඩ ඇත.
Comments
එතැකොට මෙක ලීවේ කොමද ? O_o
එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්‍රථම වතාවට ස්ත්‍රියක හා යහන්ගත වුනෙමි.
උඹේ මේ කථාවේ තේරුම මටනම් ටිකක් විතර ගැටළු සහගතයි...
මතකයට එන වාරයක් පාසා තවමත් විසබීජ ඉතිරි වෙලා ඇතියි කියලා ආයේ ආයේ හිතෙන එකක් නැද්ද?
පට්ට!
අභීත අයියේ මම කියන තේරුමට වඩා වැදගත් උඹට ඒක තේරෙන්නේ කොහොමද කියන එක තමා..
ජය..!