කපුටු බෝ... June 06, 2011 කිරි කල හතකින් නෑවෙන. වතුර කල වලින් පෝෂනය වන.කවි වලින් ආසිරි ලබන.. ගාථා වලින් ගෞරව ලබන..බෝහිමියන්ගේ..රුහිර උරා ප්රසූත්ර වන.කපුටන් විසින් අනුභව කරන.බෙටි සමග එලියට විසිවන.සැදැහැවත් බෞද්ධයින්ගේ තාප්ප උඩ මුල් අදින.. අති ශ්රද්ධාවෙන්..ගලවා විසිකරන.කපුටු බෝ.. Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels අනං මනං දියතට ලියූ කවි... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments hare :-) said… ඔය වගේම කතාවක් කියල තිබුණ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයා. ගල් තලාවක් පාගාගෙන ඒකට බුලත් කෙල ගහගෙන ගිහින් ඒ ගල් තලාවේම කොටසකින් හදල තියෙන බුදු පිළිමෙට වඳින එක. හික්! අන්තිමේ තමන්මයි රැවටිලා තියෙන්නේ... දිල් said… නියමයි...කාලෙකට පස්සෙ හොඳම හොඳ පද ටිකක් කියව්වා.... අනේ ඇත්තට ඉතින් .. නරකයා....!! said… ඒකනම් ඇත්ත... මිනිස්සු අන්ධ වෙලා වගේ ඉන්නෙ........ malee_msg said… නියමයි!! කියන්නේ මීට වඩා මේ ගැන කතා කරන්න ගියොත් ලියන්න වෙන්නේ රචානාවක්! කාලෙකට පස්සේ ලිව්වට උඹ සෑහෙන්න අමාරු කතාවක් හෙන සිම්ප්ලි ගොනු කරලා..! - නිල් අහස - said… රචනාවකින් ලියලත් ඉවර කරන්න බැරි තරම් වටිනා අදහසක්..නියමෙට පද වැලකට අමුනලා. පිණිබිඳු... said… නියමයි. ආගන්තුකයා | Stranger said… අපි මේ කරන්නේ බොරුවක් කියන එක අපිම තේරුම් ගන්න ඕනි දෙයක්. ඉතින් අපි අපිම එකතු වෙලා ඒක තේරුම් ගමු. ස්තූතියි හැමෝටම.. Rachintha Jayawardhana said… ඇත්තටම හරේ අයියා කියපු කතාව මාත් අහලා තිබුනා, කිව්වේ කවුද කියලා නොදන්නවාට. ඒ වගේම මේකේ අවසානයේදි ඒක මතකුත් උනා. මේ කරගෙන බොරුව, ඇන්දිල්ලත් එක්ක කාලෙකින් පස්සෙ උඹෙන් ආපු කවිය සිරා! RanDil said… ඔන්න වැඩේ නේද? ජයසිරිමා බෝධියෙන් ඵලගත් ඇටයක් කාලා වුනත් සැළලිහිණියෙක් පැල කලත් ඒක ඉතිං කපුටු බෝම තමයි නේද? Charmi said… @ RanDil,නැතුව? ජාන ජයශ්රීමා හාමුදුරුවන්ගෙ උනත් වැදුවේ කපුටෙක් නම් නෝ චාන්ස්.........ගොඩක් පැති වලට යන්න පුළුවන් අපූරු නිර්මාණයක්. Weni said… සොරි මචෝ මම උඹව කියවල තියෙනවනෙ මාරෙට.. කමෙන්ට් කරල නම් නැහැ..මට එක පාරටම මතක් නැති උනා බ්ලොග් එකේ නම..
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
හික්! අන්තිමේ තමන්මයි රැවටිලා තියෙන්නේ...
නැතුව? ජාන ජයශ්රීමා හාමුදුරුවන්ගෙ උනත් වැදුවේ කපුටෙක් නම් නෝ චාන්ස්.........
ගොඩක් පැති වලට යන්න පුළුවන් අපූරු නිර්මාණයක්.