Skip to main content

මම සිනාසෙමින් එලියට බැස්සෙමි..


සනී.. කොස් කඩේ ප්ලේන්ටි දාන යන්තරේ..
මල්ලි කියන්නේ ඔය යකාට ඔතන තියෙන බඩු ටික එහා මෙහා වුනොත් තමා යකා නගින්නේ?  එදාට ඉතිං කනක් ඇහිලා ඉවරයි.. 
විල්සන් අයියා. සනී අයියා දෙස බලාගෙන එහෙම කිව්වෙ තරහකින් නම් වෙන්න බෑ.. 

සනී. ලංකාවේ උඩ බලාගෙන තේ දාන එකම එකා.
කහට පොඩ්ඩක් වැඩියෙන් තියෙන ගාණට සීනි දාපු තේක සිගරට් එකට කියාපු ප්ලේන්ටිය. රාජා මල් ප්ලේන්ටියයි කියලා කියපු ගමන් සාමාන්‍ය ප්ලේන්ටියට වඩා වැඩිපුර සීනි හැන්දක් එක්ක දාන ප්ලේන්ටිය එක්ක ලයිටරයත් බොයිලේරුව ලඟ තියලා සනී අයියා ඊළඟ ප්ලේන්ටිය දාන්න ගන්නවා..

සනී.. වැඩි හිනාවක් කතාවක් නැති විහිළු දන්නේ නැති චරිතයක්..
ප්ලේන්ටි දාන එකා හැම එකා එක්කම කතා කරන්න ඕනි නෑනේ මල්ලි. 
දවසක් ඇහුවාම සනී අයියා එහෙම කිව්වා මතකයි.. 
මිනිහා ඔහොම තමා හෙණ ගහන්නා වගේ උත්තර දෙන්නේ.. ගනන් ගන්න එපා. 
විල්සන් සනීට බනිනවාට වැඩි කැමැත්තක් නැත.

සනී.. එක්දාස් ගනන්වල සිගරට් ඒජන්සියක් කරපු සල්ලිකාරයෙක්. 
එක දවසක් හොරෙන් එකෙක් සිගරට් බන්ඩල් එකක් උස්සලා මූ ඌට වෙඩි තිබ්බනේ මල්ලි. මාර පොරක්. ඒ කාලේ ඕකා හෙන මැරයා. කට්ටිය කියන්නේ පතරොම් පටිය ඉණවටේ ඔතාගෙන හිටියා කියලා. ඔරුගොඩවත්තේ රැලේ කොල්ලො කපුටෙක් පෙන්නලා අරූ බිම දාපන් සනී අයියේ කිව්ව ගමන් කපුටා බිම. ඒකනෙ ඕකාට කපුටු සනී කියන්නේ.. මල්ලි වෙලාවක බලපන් ඕකාගේ ඇඟ නිකං චිත්‍ර පොතක් වගේ.. එක එක මගුල්.. 
විල්සන් සනීගේ වරුණාව කියවයි.. 

සනී.. හොඳ වෙඩික්කාරයෙක්... 
ගල්කටස් තුවක්කුවෙන් සනියා තරම් වෙඩි තියන්න පුළුවන් එකෙක් මුළු කොලඹම ඉඳලා නෑ වෙන්න ඕනි. විල්සන් නම් කියන්නේ ලංකාවෙම හිටියෙ නෑ කියලා, ඒත් ඉතිං තාර බර ඇරියාම කොලඹ කියලා නිගමනය කරන්නත් බැරිකමක් නෑ.. 

සනී.. තේ දාන සනී.. 
ඊට පස්සේ තමා මල්ලි ඔය ඇස්දෙකේ ලෙඩේ ආවේ. අන්තිමට පේන්නෙම නැතිවුනා. පව් වැඩේ සිංහයෙක් වගේ හිටපු මිනිහා. දැනටත් කැටපෝලෙන් ඕනි ඉලක්කෙකට තියයි. හැබැයි මලයා ඉලක්කෙන් සද්දයක් එන්න ඕනි. නැත්නම් තියන්න බෑ.. 
විල්සන් සනීගේ කතාව ඉවර කලේ එතනින්...  

සනී.. ඇස් පේන්නෙ නැති සනී.. පව්...
අන්න මල්ලි වැරදුන තැන. පව් කියලා එකක් නෑ. උඹ කලින් ඌත් එක්ක මල පැනලා නේද හිටියේ.. අන්න ඒක මල පැනපු එක සනියාගේ ඇස් දෙක පේන්නේ නෑ කියලා වෙනස්කරන්න එපා. මොකද ඌත් අපි වගේ මිනිහෙක්. හරි උඹට ඇස් පේනවානේ. පුළුවන් නම් සනී වගේ මල් ප්ලේන්ටියක් දාලා පෙන්නපන්. හොඳ වෙලාවට ඌට එහෙම වුනේ නැත්නම් අපිට සිගරට් එකට අර සුනිල් කාරයගේ අඩු සීනි කහටත් නැති ප්ලේන්ටිය තමා බොන්න වෙන්නේ.
 විල්සන් අයියා මද සිනාවක් එක්ක නැගී සිටියේය.. 
මල් ප්ලේන්ටියයි. 
රාජා ඇතුලේ සිට මොරදෙනු මට ඇසුනි. 
ලයිටරය බොයිලේරුව ලඟ ඇත. මම කෝප්පේ සින්ක් එක උඩින් තමා කුස්සියෙන් එලියට බැස්සෙම්... 
අයියෝ කවුද මේ කෝප්පෙ සින්ක් එකේ අඩමානෙට තිබ්බේ? 
සනී අයියා කෑගසමින් මගේ කෝප්පය ඉවත් කරයි..
 මම සිනාසෙමින් එලියට බැස්සෙමි..  

Comments

මම දන්නවා උඹ මේක ලියන්න හේතුව. සනී මාමා! ඇත්තටම පව් නෑ. හොඳ මිනිහෙක්!

උඹේ කතාවලට දාන මාතෘකාව, හුඟක් වෙලාවට උඹේ කතාවෙම අන්තිම පේලිය උනාට ඒක මෙතනදි ගැලපුනේ නැත්දත් මන්දා. ඒත් "මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි..." දී නියමෙට ගැලපෙනවා.
හරි ලොක්කා.. වෙනස් කලා මටත් කල්පනා වුනා ඒත් වචනයක් හිත හිත හිටියේ.. දැන් දැම්මා.
එක වචනයක් නිසා අපි මිනිස්සු ගැන හිතාගෙන ඉන්නෙ දේ උඩු යටිකුරු කරන්න පුලුවන්. මෙච්චර වෙලා මැරයෙක් නරකයෙක් කියල තිබිච්ච හැඟීම ඇස් පේන්නෙ නෑ කියපුවම අනුකම්පාවක් බවට පත් උනා. මනුෂ්‍ය ස්වභාවය තමා.
hare :-) said…
හෙ ‍හේ... මේ ලියන්න ඇත්තෙ අපි දන්න සනී ගැනද කියල මට ෂුවර් නෑ. නමුත් ඉතිං දැං සනී කියපු ගමන් මතක් වෙන්නෙ උන්දැවනේ. මොනව වුණත් ඔය මිනිහෙක්ගෙ මොකක් හරි අසරණකමක් දැනගත්තගමන් අපට දැණෙන්නෙ අනුකම්පාවක් තමයි! පව් කියල කියවෙනව. ඊට පස්සෙ අපි ඒ මිනිහ ගැන හිතන්න ගන්න විධියට අර අනුකම්පාවත් ලොකු බරක් එකතු කරනව. ඒක පස්සෙ ඇරිල යනව වුණාට අර අසරණ මනුස්සයටත් නැති තරම් අසරණකමක් පොඩි වෙලාවකට හරි අපට දැණෙනව.

උඹේ චාටර් මාතෘකාව මම දැක්කෙ නෑනේ... :-(
කලින් තිබුන එකම තමා බං ආයි තියෙන්නේ.. එකක් ලියුවට පස්සේ ඒක වෙනස් කරන එක පට්ට අමාරුයිනේ.. අනේ මන්දා බං මටත් ඔය කිව්වට අවුලක් තියෙනවානම් ඒ පොරව මට සමානයි කියලා බලන්න බෑ.. ඒත් මම ට්‍රයි කරනවා. අනවශ්‍ය සැලකීමක් නොදක්වන්න..
Jay said…
මාත් ඒ සනී මාමා ගැන හිතාගෙන තමයි කතාව කියෙව්වෙ. [මේක මරු] :D
LishWish said…
පරක්කු වෙලා හරි උඹේ අතින් මේ වගේ එකක් ලියවෙයි කියලා මට හිතුනා.., ඒත් ඔය මනුස්සයා [උඹ මේකෙන් අදහස් කරන්නේ එයාව නම්] දැක්කට පස්සේ මට ඒ ගැන කිසිදෙයක් නොලියා ඉන්න බැරි කම තමා අර රස්තියාදුකතාවේ මාස කීපෙකට කලියෙන් අර වගේ දෙයක් ලියෙව්වේ..!!!
කාලෙකින් ලියාපු නිසා වෙනසක් දැනුනා, ගති..!
ජොබ හින්දා බිසී වෙච්චි තෝ නැතුව පාලුයි යකෝ
malee_msg said…
අඩෝ මේ නම යොදා ගැනීම ගැන මාගේ බලවත් විරෝදය!! ඇයි බොලන් ඒ මනුස්සයා සිල් නොගත්තට මෙච්චර නපුරු වෙලා ඉදලා නැතුව ඇති..!

හික් හික්..!

සිරා කතාව බං මොනා උනත්!!!

ජය!
සැබැවින්ම අප අනුකම්පා කරන්නේ බොහෝවිට ගෞරව කළයුත්තන්ට බවත් ගෞරව කරන්නේ අනුකම්පා කළ යුත්තනට බවත් මට මේ දැන් වැටහිණි...!!!

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං