Skip to main content

නමුත් එය එසේ සිදුවී ඇත

මගේ පසුම්බියට තවත් අයිතිකරුවෙකු සිට ඇත.
රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත එකට රැගෙන ගොස් දෙකම අන්තරාස්දාන විය.
මම එය නොකල යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

වැදගත් කොම්පැනියක සම්මුඛ පරීක්ෂණයකදී  ගොන් උත්තරයක් දී  රස්සාව නැතිවී ගියේය.
මම එය නොකල යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

එම් පී  ත්‍රී ප්ලේයරද ආගිය අතක් නැත.
අමතකව කොහේ හෝ දමා ගොස් ඇත.
මම සිහිකල්පනාවෙන් වැඩ කල යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

අළුතින් ගත් සපත්තු දෙකට කකුල පතුරු ගොස් ඇත.
සපත්තු දෙක මිලට නොගත යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

ඇයට මංගල යෝජනාවක් පැමිණ ඇත.
ඇය ඔහුට කැමතිය.
මම ඇයට කැමති නොවී සිටියා නම් යැයි මට සිතුනි.
දුකක් දැනේ..
නමුත් එය එසේ සිදුවී ඇත...

Comments

Jay said…
හුටා..! මොකද්ද බං උඹට මේ වෙලා තියෙන්නෙ??
ගණන් ගන්න එපා කියලා ඉතින් කියන්න නම් අපිට ලේසියි නෙව, ඒකේ දුක අමාරුව තියෙන්නෙ විපතට වැටිච්ච එකාට. ඒ නිසා මං මුකුත් කියන්නේ නෑ ඔන්න.
කාලෙකින් මෙහෙම හරි බ්ලොග් එක මතක් වෙච්ච එක ගැන අප්‍රමාන සන්තෝසයි.
:)
hare :-) said…
දන්නා පරිදි නැතිවූ වැදගත් දෑ හමුවී ඇත
දුරකතනය එක්වරක් මා ද උඹට ගෙනවිත් දී ඇත
හිසේ දහසක් දේ තිබේද ඉවත හල යුතු?
මා දන්නේ නැත... ඔය උඹේ හැටිය...
උඹ ඔය කිසිත් ගණන් නොගත යුතුව තිබිණි
එසේව අවශ්‍යයෙන්ම උඹ ඔය දේ ගණන් ගන්නවානම්
මේ උඹට උඹව වෙනස්කරගත යුතු කාලයයි
Anonymous said…
වෙච්චි දේ බ්ලොග් එකේ ඉහළ දකුණු පැත්තෙ තිබුණු බව මම දැක්ක.--කණ් ගොඩකරන දම්මිනී වෙනුවට කණ් ගොඩ කරපු දම්මිනී ආවම වැඩේ තේරුණ.උඹට තියෙන්නෙ මනුස්ස හදවතක්.මට කියන්න තියෙන්නෙ එච්චරයි.
charmi said…
මෙම සටහන නොකියවූවා නම් යැයි මට සිතුනි.
මටම වූවක් සේ දුකක් දැනේ..
නමුත් දැනටමත් එය කියවා ඇත...
පුතා said…
This comment has been removed by the author.
උඹ සයිබර් ලයිෆ්, රියල් ලයිෆ් පටල නොගන්න විත්තිය මම දන්නවා. ඒත් මේ රියල් ලයිෆ්! මක්කොරන්නද ඉතින්?
වේදනාව තුවාලය ඇත්තාටය..! අප කුමක් කීවද වෙන්නට තියෙනදේ වී ඇත. මතක් කර බලනු යෙහෙකි..! තවත් වෙන්නට දේවල් ඇතිනම් ඒවා වලක්වා ගන්නට අද අදම කටයුතු කරන්නේ නම් අගනේය.
කසුන් said…
අපිට සිද්ද වෙන දේවල් එහෙම නොවෙන්න වැඩ කරන්න අපට පුලුවන් කම තිබුනා කියල තේරෙන කොට අපි හැමදාම පරක්කු වැඩියි. අනිත් අතට ඕකම තමයි ජීවිතය ..
උඹ පළවෙනි පරිච්ඡේදෙ තේරුම ඒ පරිච්ඡේදෙම පෙරළ පෙරළ හොයනවා... ඔය පි‍ටුව පෙරපන්... ඊලඟ පරිච්ඡේදෙ තියනවා ඕකෙ තේරුම...

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං