ප්‍රකාශ විද්‍යාව. August 09, 2010 උඩුකුරු වස්තුවට වඩා විශාල වෙලා තිබුන ප්රතිබිම්බයක.. ආදරය කියලා අකුරු හතරක් මකුලු දැල් කඩලා එලියට ගන්න කොට පාර්ශ්වික අපවර්තනය වෙච්ච වස්තුවට වඩා කුඩා යටිකුරු අකුරු හතරක් එක්ක තවත් සෙල්ලම් කරන්න බෑ කියලා තේරෙන්න ගත්තා.... සොරි.... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels අවුලට ලියවෙච්ච ආදරය... දියතට ලියූ කවි... දුක... විකාර Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Jay said… තුන් පාරක්ම කියෙව්වා, ඒත් තේරුණා මදිද මන්දා..:D :D malee_msg said… අන්තිමේ සොරි කිව්ව එක නම් තේරුනා.. යටි පෙළ ගැන මං හිතා ගත්තා.. එහෙම නැතුව කවිය මට තේරුනේ නම් නෑ මචං.. මං ඉතිං වැරදිලාවත් ඒලේවල් මැත්ස් /සයන්ස් පංති පැත්තේ ගිහින් නැති නිසා ඔය නියමයවල් නිකං ලැටින් වගේ. Shadow/හේමලයා said… පට්ටම පට්ට.......අති ප්‍රභල අවතල කාචයකින් බිම බලලා ලෝකය ගොලාකාර බව ඔප්පු කොරන්න පුලුවන් නම් ආදරේ තෙරුමත් හොයාගන්න ඇහැකිවෙයි අනිවා... Naදී said… අග්...තව ටිංගෙන් රඹුටන් ඇටෙත් උගුරේ හිර වෙනවා. වචනෙන් වචනේ වෙන වෙනම කියෙව්වට පස්සේ පැහැදිලි වුණා. සරල සිද්ධියක තියන නොදුටු ගැඹුර ගැන පෙන්නල දුන්න විදිහ නම් සුපර්. දැටිස් වට් අයි අන්ඩස්ටුඩ් :) Teena said… Ansh Lucky සහ මලි හා එකඟ වෙමි..@Naදී - අනේ මචෝ මටත් කියල දෙන්නකෝ තේරිච්ච දේ.. @මේක ලියපු කෙනාට - හිටු! තේරුම අහං ඇවිත් අදහසක් දාන්නම්.. h said… මට නං තේරුණා. ඒත් කවියෙ තේරුම නෙවෙයි. අර කිව්ව වගේ යටිපෙල. කව්යෙ තේරුමෙන් හිතන්න ගියාට වැඩක් නැ කියලත් මට තේරුණා... අර මකුළු දැල් කඩන්න යන එක නම් හොඳයි... වන්නි said… අර "සොරි" කියනඑක ආවෙනැත්තං පබැඳුමේ ගතිය යනවා... "සොරි" එකෙන් මාරම මෙව්වා එකක් ඇවිල්ලා තියෙනවා... එළ ආගන්තුක සගයා said… මේක මෙහෙමම උනා කියලා හිතන්න අමාරුයි... උනේ එහෙමයි කියල පස්සෙ හිතෙන්න ගත්තා මිසක්... මම ඉන්නෙ උඹේ කතාවෙම උඹට වඩා ඉස්සරහිං... ඒකයි බය නැතුව කිව්වෙ.... :) Anonymous said… කෙල්ල ගෙන මුලින් ලොකුවට හිතාගෙන හිටියට පස්සේ එකී අවුල් කියලා දෙනාගෙන බූට් එකක් තියන්න වුන සීන් එකක් නේද? Sanjaya Dissanayake said… මම ඔබට සුභ පතනවා!!!. ඔබ භාවිත කර තියන භාෂාව ඉතා විශිෂ්ඨයි!!!(අවංකවම කිව්වොත් මටනං මෙලෝ අකුරක් තේරුන්නෑ අර සොරි කියන එක ඇරෙන්ඩ.. හික්!) ආගන්තුක සගයා said… දියත් කුලේ දැන් අපි විතරයි... ඇයි උඹ නිහඬ වෙලා...? තරියාගේ චරියාව said… කියන දෙයක් තේරෙන්න කියනවාකෝ......
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්‍රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
:D :D
යටි පෙළ ගැන මං හිතා ගත්තා.. එහෙම නැතුව කවිය මට තේරුනේ නම් නෑ මචං.. මං ඉතිං වැරදිලාවත් ඒලේවල් මැත්ස් /සයන්ස් පංති පැත්තේ ගිහින් නැති නිසා ඔය නියමයවල් නිකං ලැටින් වගේ.
@Naදී - අනේ මචෝ මටත් කියල දෙන්නකෝ තේරිච්ච දේ..
@මේක ලියපු කෙනාට - හිටු! තේරුම අහං ඇවිත් අදහසක් දාන්නම්..
මම ඉන්නෙ උඹේ කතාවෙම උඹට වඩා ඉස්සරහිං... ඒකයි බය නැතුව කිව්වෙ.... :)
(අවංකවම කිව්වොත් මටනං මෙලෝ අකුරක් තේරුන්නෑ අර සොරි කියන එක ඇරෙන්ඩ.. හික්!)