Skip to main content

අනේ මහතුනේ පිනට යමක්..


මැහැල්ලකි...
අයැදීය
අනේ මහතුනේ පිනට යමක්..
වැටේද..?
ඉඳහිටවත් මුදලක්
අතරැඳි බඳුනට...
ජසිරි බෝමැඩට යන
මල් දෝතක් පුරවා
සුන්දර දේහමත වැජඹුන
විතරාගය මුසුවූ
දෑත්
දිගුවූයේද...?
ඈ වෙත
කරුණාවෙන්...
ශ්‍රද්ධාව උතුරා යන
කාන්තිමත් දෙනෙත්
බැලුවේද...?
ඈ දෙස
අනුකම්පාවෙන්...
සනාතන දම් තෙපලූ 
රත් පැහැ දෙතොල්..
විවරවීද ඈ හට
මෘදුව...
දැන දැනම එය අයැදීය ඈ...
‘අනේ මහතුනේ පිනට යමක්‘

Comments

මේක තමා මුලින්ම මුද්‍රිත මාධ්‍යයක පලවුන මගේ මුල්ම කවිය.. එතකොට මම සාමාන්‍ය පෙල කරනවා ලඟදී දවසක ඒ සඟරාව අහුවෙලා මම මේක පොතේ කුරුටුගාගෙන ආවා.. දැන් බ්ලොග් එකට දැම්මා..
RanDil said…
ඇස්පනාපිට පේන සත්‍යයක් වුනත් මසැස් වසාගෙන ඉන්න නිසා පෙනෙන්නේ නැහැ.
RanDil said…
This comment has been removed by the author.
Jay said…
මේක ලිව්වෙ අවුරුදු 16න්??
ඇත්තටම සුපිරි..!!
තවත් එක් කතාවක් මේ අදුරු සමාජයේ....
අනර්ඝයි මේ නිසදැස.......

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං