කිරි පිරි කලේකට නූඹ පෙම් කෙරුවාම ඒ කිරි කලේ ගොම බිඳ නුඹ දුටුවාම ඒ කිරිවලින් මම කිරි පිඬු පිසුවාම අපුලක් දැනේ නුඹහට එය කෑවාම ආගිය මගේ තවමත් උණුහුමට රැඳී පියසටහන් මග යන එන විටදි පෙනේ අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම ඇඳී ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු දැනේ මට නැති කලට මට නැති දේ දුන්නාට ඒ ණය තවම මා සිත තුල රැඳුනාට දෙදෙනා දෑත් බැඳ පියමං කෙරුවාට මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.