2.20.2009

පූර්ණය

අතේ එල්ලිලා දකුණු අත දික් වෙලා...
කියවලා කියවලා කණ් දෙකත් ගොඩ වෙලා...
ගුටිකාලම මගේ පිට කොන්ද ඉදිමිලා...
ඒ මොනා වුනත්...
කුළුඳුල් පෙමට අදට අවුරුද්දයි..

මට නුඹ ආස දේ දෙන්න බැරි වෙන්න ඇති......
මට නුඹව හැම වෙලේම හිනස්සවන්න බැරිවෙන්න ඇති....
මම නිසා නුඹේ ඇස් දෙකට කඳුලු උනන්න ඇති...
ඒත් උඹ තාම මගේ ලඟ...
හිටපන්...
මොනා නැතත් මම උඹට ආදරෙයිනෙ....
මගේ ආදරේ සුන්දරයි..
නුඹ නිසා....

2.06.2009

අතේ මාට්ටු..

මට මතක හැටියට හරියටම වෙලාව රෑ 12 පහුවුනා විතරයි.... මුලු නේවසිකාගාරයම නිහඬයි... ඒ වුනාට තැන තැන කසු කුසුවක් සාවදානව අහගෙන හිටියොත් හොඳට අහෙන්න ඉඩක් නැතුවමත් නෙමෙයි... 21 කල්ලිය ඒ කියන්නේ 11,10 වසරවල පයිලට්ලා ටික තවත් මෙහෙයුමකට සූදානම් වෙන්නේ ඔන්න ඔය අතරේ..
කසු කුසුව අහෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති...
මූලික පරීක්ෂණ මාලාව යටතේ සික්කන්ගේ කාමරය දෙසට ඇහැ ගහගෙන ඉන්න දෙන්නෙක් යවනවා වගේම පාලකතුමාගේ ගෙදර ලඟටත් බැල්මට්ලා 2 යවන්නේ බයටම නෙමෙයි.... අරක්ෂාවටත් එක්ක...
බැලමට්ලාගෙ අනුමැතිය යටතේ අපි මහා රාජකාරියට පිටත් වුනා...
එදා ලස්සනට හඳ පායලා තිබුනා. පසලොස්වකට දවස් හතරක් නිසා වෙන්න ඇති... හිතුවට වඩා හඳ එලිය... ඒ හින්දාද කොහෙද හැමෝගෙම හිතේ පොඩි බයක් මෝදුවෙමින් තිබුනා... ඒත් ඉතින් අපේ අඩවියේ අවාම අපහු යන සිරිතක් නෑනෙ... ඉතින් කොහොමහරි වැඩේට බැස්සා.... හරියටම කුරුම්බා ගෙඩි 15 විතර කඩන්න ඇති...
එකපාරට
"කවුරුත් හෙල්ලෙන්න එපා...." අපි දුවන්න බැලුවත් හතර වටෙන්ම අපිව වටකරලා...
"මචං වලහා කොහොමද මෙතනට ආවෙ"
එහා පැත්තේ හිටපු ගුරා මගේ කනට කෙඳිරුවේ ජීවිතේ එපාවෙලා වගේ...
"මුරට දාපු මිනිස්සු දෙන්න නිදිකිරකිර ඉඳලා මට අහුවුනා"...
"දැන් කුරුම්බා ටික කපාගෙන බීලා කෝම්බ ටිකත් අරගෙන යමු..."
අප්පා.... බිව්වට බිව්වෙ නෑ වගේ.. එහෙම කුරුම්බා බීමක්... බයේ හරියට පෙවුනෙත් නෑ වගේ... කොහොමහරි ඊලඟ පැය බගෙ ඉවරවෙනකොට අපි කුරුම්බා කෝම්බ ටික පැත්තක ගොඩ ගහලා සර් ඉස්සරහ...
" හෙට ඉන්ටර්වල් එක දුන්න ගමන් හැමෝම මෙතනට එන්න ඕනි..."
"දැන් යනවලා .."
.....................................................................................................................................................................
මම ගුරත් එක්ක එනකොට හැමෝම වගේ ඇවිල්ල හිටියා.බකලයි ඌරයි ආවේ අපි එනවත් එක්කම වගේ...
"හැමෝම කුරුම්බ කෝම්බ එක ගානෙ ඔලුවෙ තියාගෙන යන්න ලැස්ති වෙනව"
නේවාසිකාගාර ගේට්ටුව ඉස්සරහින් ගමන පටන් ගත්ත අපි පාර අයිනේ පේලියට ගියේ විලිලැජ්ජවෙන් ඇඹරී ඇඹරී... කැම්පස් එකේ අක්කලා බල බල හිනාවෙනවා... යන අතරේ හැමෝම ආපහු කුරුම්බා නම් කඩන්න හීනෙකින් වත් හිතුවේ නැතිවුනත්... දඬුවම ඉවරවුනාම කට්ටිය කතාවුනේ මාට්ටු නොවී කුරුම්බා කඩන හැටි ගැන....
එදා එ දුන්න දඬුවම මට තාම මතක් වෙන්නේ පොඩි හිනාවක් වගේම කඳුලකුත් ඇස් දෙකට එකතු කරමින්.. අපිට ඒ දවස්වල හැමදාම ඉන්න තිබුනානම්...
පිස්සු..

2.02.2009

මකබාස්...



සුදු වෑන් දුටුවිට බල්ලන් බුරන්නේ එම වෑන් වල පෙර වැරදි බල්ලා විසින් අත්දැකපු නිසාය...
මකබාස්ලාට අපෙන් වැරදි සිදුවී ඇත..
මකබාස්ලාගේ පොරත්වය බිදදැමීමය...
මකබාස්ලා නිසා මකබාස්ගේ නියොජනයයද හැල්ලුවී යන්නේ මකබාස් වන්න්වුන්ගේ බොරු දියාරු ගොන් පාට් නිසා විය යුතුය...
යුත්ත නොවිය යුත්ත අපිද දනී...
එහෙත් මෝඩ තකතීරු කමට කලයුත්තක් නොමැත..
මකබාස් තකතීරුවෙකු වන්නේ අනුන්ගේ සටහනේ අකුරු නොගැලපීම් පෙන්නාදීමෙන් ඔහුට හිනා වෙන නිසා පමණක්ම නොවේ...
ඔහුගේ සටහනේද වැරදි ඇත එවා පෙන්නා දී නිකම් මකබාසයෙකු වීමට මට උවමනාවක් නැත... මෙවැනි මකාබාසයින්ට මුලින් රසවින්දනය උගන්වා පසුව බ්ලොග් ලිවීම වෙනම උගැන්විය යුතුය..
සටහනක් කියවනුයේ එහි ඇති රසවින්දනය හා එහි ඇති අදාලතාවය මතය...
සිරසේ වැඩ කරනුයේ මකබාසයා විනා අප නොවේ..
මොඩයන්හට පහදා දීමෙන් ඔහු යහමගට ගැනීම වැඩකට නැතිය... එම වැඩය මා නොකරනුයේ මකබාස්ව මකා හැදීමේ උවමනාවක් මට නැති බැවිනි..
වීදුරු ගෙවල්වල සිට අනුන්හට ගල් ගසන්නා මෝඩයෙක් වන්නා සේම තමා නිරුවතින් සිට ඇඳුම් ඇඳ සිටින්නන්ටද හිනා වෙන්නා මෝඩයෙකි...
මෙසේ මකබාස්ලා තවත් සිටිය හැක.. ඔවුන්ට මම මින්මතු කිසිවක් නොලියනු ඇත...මේ සටහනත් සමග මගේ සටහන් ටිකත් මකබාස්ගෙන් මහත් පැසසුම් ලබනු ඇත..කනගාටුව මෙවන් මකබාසයින් නිසා මගේ බ්ලොග් එකද විනාස වී යාමය.. එහෙත් මෙය ලිවිය යුතුව ඇත.
මකබාස් එහෙනම් නුඹට මගෙ අනුකම්පාව.

සපිරිස්ති...