Skip to main content

යුනිකෝඩ් කවිය

සබඳ...
නුඹ කවියක් ලියා ඇත...
එය හොඳ කවියකි..
නමුත්..
එය හොඳ කවියක් යැයි මම නොකියමි.
මන්ද එය යුනිකෝඩ් කවියක් නොවූ නිසාය..
නුඹේ කවිය කවියක් නොවිය යුතුව තිබුනි
මන්ද එය අන්තර්ජාලයේ හුදු බයිට් ස්ට්‍රීම් එකක් වන නිසාවෙනි.
කවි ලියූ සබඳ..
මටත් එවපන් යුනිකෝඩ් කවියක්..
අගෙයි නුඹ කවිය..

Comments

Dilanrf said…
ඇයි මේක දුක යටතේ වර්ග කලේ ??
දුකා said…
mekata nidhana katawakuth tiyenawa wage . . . !! mata ehema hitenawa . .
malee_msg said…
මේ කවිය පිටිපස්සේ තියන කථාව මට නම් පැහැදිලියි... කලාව යුනිකෝඩ් හා යුනිකෝඩ් නොවන වශයෙන් වර්ග කිරීම අනුමත කරන්න බෑ.. ඒත් ඉතිං අපිට කරන්න දෙයක් නෑ.. වෙන දෙයක් බලන් ඉන්නවා හැර.
Unknown said…
අනේ මංද මොනව කියන්නද කියල.
Anonymous said…
:)

නොදරුවා, කියන දෙයක් යුනිකොඩ් වලින්ම කියන්න. නැත්තන් කිව්වේ නෑ කියයි.
Anonymous said…
eka aththa. kiyana ekak unicode walin kiyapan naththam ithin adminla kiyai ube blog ekath ain kara ganna kiyala.
Anonymous said…
unicode naththam mokak kalath wadak na kiyalane meke inna un hithanne. rasayak widinna danne nathi unta owa gana kiyala wadak na. kanata kire suda pennannawa wage. karunakarala unicode walin liyapan. naththam ubatath sorryma thamai
Anonymous said…
blog එක ජනප්‍රිය කරගන්න තියෙන්නෙ සිංහල blog කියවනය විතර ද ?
යුනිකෝඩ් නෙමේ නම් කවි නෙමේ කිව්වම නිකන් මට මතක් වුනේ හිට්ලර් යුදෙව්වෝ ඝාතනය කරපු හැටි. කිව්වත් වගේ, මේක ඇතුළේ වෙන කතාවක් තියෙනව වගේ. කියමු බලන්න එහෙනම්.
Kasun said…
"යුනිකෝඩ් නම් සිංහල -
සිංහල නම් යුනිකෝඩ්"

අනේ මන්දා, ඔක්කොම විකාර :(

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං