දර්ශීය ගැහැණිය November 12, 2009 කුණු කෙල නොබේරෙන..මාසිකව ලෙඩ නොවෙන..ලෙඩ වුනත් නොපෙන්වන..වැරදිලාවත් පඩයක් නොයන..ගතපුරා කියුටිකිරා සුවඳ විහිදෙන..සර්වාංගයම සළුයෙන් වැසී ඇති..පොලවට නොරිදෙන්නට පය තබන..අතිශය විනීත..අතිශය පාරිශුද්ධ..සුජාත පුත්රයෙකු බිහිකරන්නාවූ..නුඹත් සොයන..මාත් සොයන..දර්ශීය ගැහැණිය.. Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels දියතට ලියූ කවි... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments ආගන්තුකයා | Stranger said… අදහසට හේතු වුනේ අපි පිරිසක් කරපු කතාබහක් කතා බහ වුනේ වෙන පැත්තක් ගැන වුනාට මගේ හිතට ආවේ මේ වගේ අදහසක්. ඒ අවස්ථාවේ එතන සිටි සියලු දෙනාට මගේ ස්තූතිය. Sankha said… "ඒ අවස්ථාවේ එතන සිටි සියලු දෙනාට මගේ ස්තූතිය."මේ මොකද බං?මොනවා උනත් ඔහොම යං...නියමයි!නියමයි! නිලන්ත said… නිධාන කතාව මොකක්, උනත් හුදෙක් මේ සිතුවිල්ල නම්.... ඇත්ත. තිළිණ මධුශංඛ said… පට්ට. මමත් කාලෙක ඉඳන් විසදුම් හොයන ප්රශ්න මේකෙ තියෙනවා. malee_msg said… මම හිතන්නේ නෑ.. පියවි ලෝකෙදි කවදාවත් හම්බ වෙයි කියලා.. හැබැයි හැම පිරිමියම සමරහර විටි 99% ක් ම හොයන්නේ මෙයාව තමා. Unknown said… මට ඇතිවෙන ගැටළුව ඇයි එයාව හොයන්නෙ කියන එක. ආගන්තුකයා | Stranger said… ඇයි හොයන්නෙ.. අපි සහකාරියක් හොයන කොට අපි ලඟ තියෙන ලිස්ට් එකට දාලා බලනවනෙ. ඕක හැමෝටම පොදු ප්රශ්ණයක් ඒත් අපි අනිවා අපි තනිකඩයි නම් අපි හොයන්නෙ ඔය වගේ ගැහැණියක් තමා. අපි යුගලයි නම් අපි හොයා ගෙන ඉන්නෙ අපිට අනුව එහෙම කෙනෙක්. ඒත් ගැටළුව අපි ඇයි එහෙම කෙනෙක් හොයන්නෙ කියන තැන. Anonymous said… ya සහතික ඇත්ත..... ගොඩක් අය තමන්ගෙ වැරදි හදාගෙන්නෙ නැතුව පත පතා ඉන්නෙ ඔය වගේ අයව.......... Teena said… මේ වගේ ගැහැණියක් ගැළපෙන්නේ මේ ලක්ෂණම ඇති පිරිමියෙකුට විතරයි. අපි කවුරුත් එහෙම නෑනේ. ඒ නිසා අවුලක් ගන්න එපා. අනික්වා කොහොම වෙතත් අර හතර වෙනි පේළියෙන් කියවෙන දේ නොවෙන එකෙක් නම් ලොවෙත් නෑ. හොල්මනක් උනොත් මිසක. ආගන්තුකයා | Stranger said… අපි පිරිමි කොච්චර ආත්මාර්ථකාමී විදිහට මේ ගැහැණියව බලාපොරොත්තු වෙනවද? ඒක කොච්චර හරිද. කොහොමත් සමාජය නිර්මාණය කරන්නේ මේ ලක්ෂණ තියෙන ගැහැණියක්වනෙ. Unknown said… niyama sanwade . . .
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
මේ මොකද බං?
මොනවා උනත් ඔහොම යං...නියමයි!නියමයි!