මම හොඳය... September 10, 2009 බෝඩිං ගාස්තු ගෙවනදාමම හොඳය...මාසේ මැද මම නරකය...මාසෙම පාඩම් කරනමම හොඳය...පිස්සු කෙලින මම නරකය...ට්‍රිප් යන මම හොඳය...එකක් නොගියොත් නරකය...කීකරු මම හොඳය...ආසදේ කරන මම නරකය...අනුන්ට කරන මම හොඳය...තමන්ට කරගත්දාට නරකය...ඉතිං කොහෙද හොඳ මිනිස්සු...? Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels දියතට ලියූ කවි... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Nevi said… ඉස්සර මමත් ගොඩාක් හොදයි... දැන්නම් හොදටම නරක් වෙන්න හිතිලා තියෙන්නේ... Anonymous said… නෙට් බිල් පොලිමෙ එනකොට මම නරකයි නිලන්ත said… කතාව හොඳය - (අමු අමුවෙම)කියපුඑක නරකය. උෂාන් කෝදාගොඩ විතාරණ said… මමත් ලඟකදි ඉදල නරකයිලු....... ඒත් මට මම හොදයි. ඔයත් එහෙම හිතන්න ;) ආගන්තුකයා | Stranger said… කීදෙනෙක් අපිව මේලෝකෙදි හරියට තේරුම් ගන්නවද කියන එකත් ප්‍රශ්නයක් තමා. Anonymous said… අපෝ මචන් ... ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මම කිව්වේ මුලු පවුලටම නරක් වෙලා තියෙන හැටි. Unknown said… අනෙක් එකා කරන ඕන වල් බූරු වැඩක් දිහා බලාගෙන සද්ද නොකර ඉන්න කම් මම හොඳයඋගේ වැරුද්ද මූණටම කිව්වහම මම වැරදිය. Teena said… හිහ් හිහ් අපි හැමෝම ඔහොම නොවැ. විඩක් හොඳයි විඩක් නරකයි.
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්‍රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
උගේ වැරුද්ද මූණටම කිව්වහම මම වැරදිය.