සියල්ල නිරුවත් සමාජයක
ඇඳුම් ඇඳ සිටීමටද.....
සියල්ල ඇඳුම් ඇඳ සිටින සමාජයක
නිරුවතින් සිටීමටද...
හැකිනම් ...
නුඹ සාපේක්ෂව වෙනස්ය ....
සියලු දෙනා අඬන විට
සිනාසීමටද...
සියලුදෙනා සිනාසෙනවිට
ඇඬීමටද.....
හැකිනම්
නුඹ සාපේක්ෂව වෙනස්ය...
ගොම ගොඩක් තුල
කිරි කඳුලක් වීමටද...
කිරි කළයක් තුල
ගොම බිඳක් වීමටද....
හැකිනම්....
නුඹ සාපේක්ෂව වෙනස්ය...
වෙනස්වීමට් ඕනෑ නම්...
තෝරනු ..
නුඹට හොඳ විදිහක්....
Comments
එය අත් දකිමින් ඉන්න දෙයක් බවත් පෙනෙනව..