මම නැමී ඇත..... January 09, 2009 නැගණිය...එක බඩවැල කඩාගෙන ආපු..ඇය වෙනුවෙන් මම නැමී ඇත...අම්මා තාත්තා....තාමත් මට වියදම් කරන....ඔවුන්ට මම නැමී ඇතයහළුවන්...දුකට සැපට සිටින..උන්ට මම නැමී ඇතපෙම්වතිය...තාමත් මට ආදරය කරනආදරය නිසා මම නැමී ඇත...ඉතින්....කොහෙද කෙලින් මිනිස්සු... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels සිතන්නට දෙයක්.... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments ආගන්තුකයා | Stranger said… ගෙවල් වල අන්තර්ජාලය නැතිකම නිසා සරස්වියේ වැඩ වැඩි වුනාම නිවාඩුවට එහෙම බ්ලොග් ලිවීම වගේම බැලීමත් නවතිනවා... ඔන්න දියත් කුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා... තියෙන හීන සියල්ලම සපුරා ගන්න පුලුවන් හොඳම අවුරුද්දක් වේවා.... Anonymous said… මම කැමති එකෙක් උඹ.ලියමු දැනෙන්න ආයිත්. Pahan said… ආ කොහොමහරි බ්ලොග් එක ලියන්න වෙලාව හොයාගෙන වගේ malee_msg said… මට සුට්ටක් පැහැදිලි මදිනේ.. ආගන්තුකයා | Stranger said… මලී.............. හැමෝටම තම තමන්ගේ ස්වධීනත්වය අහිමි වෙලා.... ඒ එක්කෝ බැඳීම්... හරි වෙන මොනාහරි හේතුවක් නිසා වෙන්න පුළුවන්... ඉතින් කවුරුහරි... තමන් කෙලින් කියනවානම් ඒක කොච්චර දුරට හරිද.... කියන එක හිතන්න වෙනවා නේද...මචං රස්ති..... එලකිරි... ස්තුතිය... malee_msg said… ආහා..!දැන් නම් හරියටම තේරුණා.. ඇත්ත ඇත්ත.. සහතික ඇත්තටත් වඩා ඇත්ත..! ම.ම.ගි said… හැබැයි මම නම් හිතන්නෙ පුද්ගලයකු ඉදිරියේ නැමීම කියන්නෙ නිවට කමට හෝ අසරණ කමට සිදු කරන දෙයක්. එය කිසිවිටකත් බැඳීම කරණකොටගෙන සිඳු නොවන බව මගේ නම් අදහස. හැබැයි කවදා හරි රස්සාවක් කරන දවසකට නම් බොසා ඉස්සරහා නැමෙන්න වෙනවා!(නිවට කමට හෝ අසරණ කමට) ආගන්තුකයා | Stranger said… නැමෙනවා කියන්නේ ඇත්තටම ටිකක් විග්රහ කරන්න අමාරු දෙයක් මෙතන මම නැමෙනව කියන එකෙන් මම අදහස් කලේ කෙලින් න්න බෑ කියන එක අපිට ඇත්තටම අපිට ඕනි විදිහට වැඩ කරන්න බෑනේ...
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
මචං රස්ති..... එලකිරි... ස්තුතිය...
(නිවට කමට හෝ අසරණ කමට)