11.27.2008

මිතුර නුඹ වෙනුවෙන්...

නුඹේ නමින් බැඳි ආලය...
මගේ හදින් මැකෙන තුරා..
මගේ සිතේ ඇති තනිකම
දුරින් දුරට ඇදෙන තුරා....
සිනසෙන්න ඇති අයිතිය
නැවතත් මට ලැබෙන තුරා....
බලා හිඳිමි ආලය නුඹ
යලි මා වෙත වඩින තුරා...

11.21.2008

වීසා නැද්ද...



පිටරට ගොස් කට්ටි පැන අතරමං වන යෞවනය "මිල්ල සොයා" තුලින් අපි අත්වින්දෙමු... ප්‍රවෘත්ති තුලින් අපි මෙවැනි කතා දහස් වරක් අසා ඇත්තෙමු... දැක ඇත්තෙමු... "මචං" ඔවුනගේ සැඟවුන කතාවයි...
පුරා පැය 2ක් ඇහිපිල්ලමක පමාව පවා පසුතවිල්ලකට හේතුවන සිද්ධි දාමයක් අවසානයේ එකම අර්මුනක් කරා මෙහෙයවෙන සිනමා රූපයක් ලෙස "මචං" ට මම දෑතම ඔසවා මනාපය ප්‍රකාශ කරන්නේ එබැවිනි...
"මචං" ලාංකිකයින් ඇමතිය යුතු ආකාරයට ඔවුන්ව අමතා ඇත. අපේ හදවතේ වදින තැනට හරියාකාරව පහර එල්ල කිරීමට සමත්ව ඇත. "මිල්ල සොයා" වුවද එම කාර්යයෙහිලා "මචං"ට සාපේක්ෂව දක්වනුයේ පසුගාමීත්වයකි... "මචං" සිනමා ශාලාවෙන් එපිටදීත් ප්‍රෙක්ෂකයා හට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ එබැවිනි..

"මට මේ ජර්සිය මහ බරක් වගේ දැනුනා බං"
ස්ටැන්ලි ශ්‍රී ලාංකිකයෙකි.. ස්ටැන්ලි ලංකාව හැර යන්නෙ කරන්න දෙයක් නැති කමටය.. එහෙව් ස්ටැන්ලිලා තරඟා වලියෙන් පැන නොගොස් දිගින් දිගට තරඟ වදිනුයේ ඔවුන් තුල පවතින ලාංකීයත්වය නිසාය... ඇත්තටම අපේ දේශියත්වය එසේ අපේ සිත් තුලින් අතු ගෑ දැමිය හැකිද..? "මචං" හුදෙක් වීසා නැති යෞවනයින්ගේ කතාවක් පමණක් නොවන්නේ එබැවිනි...

අප දුටු ස්ටැන්ලිලා, සුරේශ්ලා දෙනොදාහක් සිටිය හැක.. ඔවුන්ගේ කතාව මෙය නොවන්නටත් ඉඩ තිබේ.. නමුත් අවසානය පොදුය... ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?
කතිකාවතක් දියත් කුලේ අපට ඉතිරිව ඇත...
( ස්තුතිය ප්‍රියංකර සහ මලීට )

11.19.2008

බත් හැලිය ඉදෙනකම්....

පොඩ්ඩ ඇති..
රිදෙයි..
නුඹ සිනිඳු
පා යුගල...

පොඩ්ඩ ඇති..
රතුවෙයි...
නුඹ සොඳුරු..
සුදු මුහුණ....

පොඩ්ඩ වුව...
මට ඇතිය...
සුන්දර...
නුඹේ ආදරය...

11.18.2008

හැඳි... ගෑරුප්පු...

සාමාන්‍ය පෙල කරන කාලෙ වගේ ආතල් කාලයක් ආයි ජීවිතේට එන්නෙ නෑ... ඒක එහෙම වෙන්න නේවාසිකාගාරය සෑහෙන දායකත්වයක් දැක්වූවා කිව්වොත් හරි.....
අපි තමා ශිෂ්‍ය නායකයො හැරුනාම නේවාසිකාගාරයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ... ඒ හින්දා සෑහෙන වගකීමක් කරපිට තියාගෙන ඉන්නෙ... කලින් යටගිය දවස්වල සමහර දේවල් කියලත් ඇති...
නේවාසිකාගාරයේ විප්ලවවාදීන් කියලා ප්‍රසිද්ද 21 කල්ලිය හෙවත් 10,11 වසර දෙක..
ඔය වසර දෙකේ තිබුනෙ පුදුමාකාර බැඳීමක්. ඒක නිස පාසලේ වුනත් සෑහෙන තැනක් අපිට තිබුනා... කවුරුත් වැඩිය සද්ද දාන්න ආවේ නෑ...
ඔතනිනුත් වඩිපුර ගරුත්වයක් තිබුනෙ 11 වසරට.. ශිෂ්‍ය නායකයින්ටවත් ඒ තත්වය තිබුනේ නෑ...
ඕකට හේතුවන මූලික හේතු 3ක් තිබුනා..
1. සාමාන්‍යයෙන් නේවාසිකාගාරයේ පාඩම් කිරීමට කාලඡේද 2ක් වෙන්වී තිබුනා.. ඔය කාලය ඇතුලත ශිෂ්‍ය නායකයෙක් මුරට ඉන්නවා.. ඔය නිසා කතාව තහනම් වගේම නවකතා කියවීමත් තහනම්.. 11 වසරට ශිෂ්‍ය නායකයෙක් ඉන්නෙ නෑ. හිටියොත් ඉවරයි..
2. කෑම ශාලාවේ පොලිමේ ඉන්නකොට ත් 11 වසර පොලිමෙ ඉන්නෙ නැතුව කෑම ශාලවේ අමතර දොරින් අතුලට යන තම සිද්ද වෙන්නෙ..
ඉතින් ඔය නිසා මහා ප්‍රතිරූපයක් 11 වසරට නේවාසිකාගාරයේ ගොඩනැගිලා තිබුනා..
මට මතකයි අපි 7,8 වසරවල ඉන්නකොට 11 වසරෙ අයියලා පෙනුනෙ යෝධයෝ වගෙ...
ඔය කාරණා දෙකට අමතරව තව ප්‍රධාන හේතුවකුත් තිබුනා... ඕකට කිව්වෙ "මේස අධිකාරි" කියලා...
කෑම ශාලාවේ මේස වෙන වෙනම තිබුනේ.. එක මෙසයකට 8 බැගින්..
ඔය හැම මේසයක්ම 11 වසරෙ ශිෂ්‍යයෙක්ට බාරදීලා තිබුනෙ.. හැමෝටම තැනක් වෙන්වෙලා තිබුනේ.. පෝලිමේ ඇතුලට අවාම තමන්ට අදාල තැන ඉඳගෙන ආගම සිහිකරලා වාඩිවෙනවා...
මගේ වාසගම ඉංග්‍රිසි හෝඩියෙ මුල් අකුරකින් පටන් ගන්න නිසා මට අහුවුනේ 6 වසරේ මේසයක්...
මේසත් ලැබෙන්නෙ වාසනාවට අනුව.. සාමන්‍යයෙන් හොඳටම කන්නෙ 10 වසරෙදි...
11 වසරෙ වැඩ වැඩියි... සමාන්‍ය පෙලට අමතරව "නේවාසිකාගාර දිනය" "මියැසි මිරාවය" "විවිධ ප්‍රසංග" "නිවාසාන්තර ක්‍රීඩා උත්සවය"වගේ වැඩ බොහොමයක් පැවරිලා නිසා කෑම ටිකක් අඩුයි..
10 වසරේ මේසයක් හම්බවෙනවා කියන්නෙ අවාසනාවක්... කන්න නම් නෑ වගෙ තමා. හැබැයි වැඩ අඩුයි පුරුදුකාරයොනෙ ඉන්නෙ...
6 වසරේ මේස ලැබෙන්නා ඉතා වාසනාවන්තයෙක්.. 6 වසරේ මල්ලිලා ආපු ගමන්නෙ ගෙදර ගැනමයි කල්පනාව... කන්නෙ බොන්නෙ ඉතා අඩුවෙන්..
හැබැයි වැඩ වැඩි.. පොඩ්ඩ බැරිවෙන්න බෑ... කඳුලු...
අනික අපිට තියෙන බය.යක්කු කියලා හිතාගෙන ඉන්නවද කොහෙද?.
හැඳි ගෑරුප්පු භාවිතයෙ තියෙන දුර්වලතා නිවැරදි කිරීම.පිඟානට හැඳි වදින සද්දේ අඩු කරන්න. ඔය වගෙ වැඩ ගොඩයි...
කොහොමහරි මේ පොඩි එවුන් ටික අපහු මාව මුල් දවස්වලට ගෙනිච්චා...
මේක තනිකර මනෝ විද්‍යා පාඩමක් වගේ වෙලා තිබුනේ...
මේස වල වැඩි ඉල්ලුමක් තිබුනේ මස් මාළු නොකන අයට.. මගේ මේසෙම 4ක්... ඉතිං මගේ මේසෙ එහා පැත්තෙ හිටපු ඉස්සටත් මස් කෑලි 2ක් සොසේජස් 2ක් මීට් බෝල් 2ක් සාමාන්‍යයෙන් හම්බවෙනවා..

මේ සංස්කෘතින් මේ ආචාර ධර්ම මත නේවාසිකාගාරයේ පැවැත්ම තීරණය වුනා..ඒක තෙරුම් ගත්ත නිසා තම මේ සිරිත් හැම අවුරුද්දකම ඒ අකාරයටම මුක්ත වෙවී තිබුනේ.. අදටත් අපි ඒවා සිහිකරමින් පැය 3-4 ගෙවලා දාන්නෙ අපෙ ජීවිත එක්ක ඒ සිද්ධි එච්චරට බැඳිලා තියෙන නිසා වෙන්න ඇති...

11.14.2008

අමිත...



අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල...
මට මතකයි..
ගාමිණී දිසනායක ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල..
කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ...
මගෙන් ටිකක් ඈත් වුන අමිල....
ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල..
ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක ඇලේ නාන්න ගිය අමිල...
මට මතකයි.....
අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල් බෝල්ට්ස්මාන්, මැක්ස්වෙල්ට, කර්චොෆ්ට, අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල...
හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල....
සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල...
කොහොම එපා වුනාද උඹට ගිහිගෙය...
මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ...
මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..?
සමාවෙයන්...මට....
වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු...
නුඹ....
මද සිනාවෙන් කොහොම ඉවසනවාද..?
අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක...
හාමුදුරුවනේ..
අමිත...

11.13.2008

සීතල හලාවත..

පම්බල කලපුව උඩින් පහුර හිමීට ඇදිලා යන්නේ හරියට කලපුවට රිදෙයි කියලා වගේ... රතුවෙලා තියෙන අකාසෙන් ඉර හැ5ගෙන්න හදන්නෙ අපිත් එක්ක තරහා වෙලා වගේ...
මුලු පහුරම ගොම්මනේ ලස්සනට වශීවෙලා පහුරම නිහඩයි ඉදහිට හබල් සද්දයක් අහෙන්නෙ ඒ නිහඩතාවය බිදිමින්...
නත්තලට මුලු හලාවතම සැරසිලා... මුලු කලපුවම රතුපාටට දිලිසෙන්නෙ පම්බල කලපුවත් නත්තලේ අසිරිය අපිට පෙන්නන්න වගේ...
කම්මැලි වෙලා පාරට එනකොට 10 පහුවුනා විතරයි... හද පේන්න නෑ... අමාවක වෙන්න ඇති... එදා මට කමති වුනා නම් මට අද නත්තල්නේ... මම ඇන තියාගෙන කල්පනා කලේ... සිද්ද වුන දේ ගැන... හීතල හුලගක් සැරින්සරේ හමාගෙන යන්නෙ මේ සීත කාලය කියල පෙන්නලා දෙන්න හදනවා වගේ... කොහොමහරි කැමතිකරගන්නවා.. මම ගලක් අහුලගෙන ලග පොල් ගහට ගැහුවෙ වදී කියලා හිතාගෙන... ඒක වැදුනෙත් නෑ...
" ආ මූ මෙතන " සද්දෙන් මම පියවි ලෝකෙට අවේ මම ඉන්නේ හලාවත කියලා මතක් වෙනවත් එක්කම වගේ...
සීතල එන්න එන්න වැඩිවෙනවා... "යකාගෙ හීතලක්" ලග පොල් අත්තකට ගිනිකූරක් ගහුවේ හීතල වැඩිවුන හින්දා වෙන්නැති... ගිනිමැලේ වටේ ඉදගෙන සින්දුව ඉවරවෙනකොට කොලඹ පැත්තෙන් එලිය වැටීගෙන එනවා...
කාමරෙන් එලියට ඇවිත් එලියෙ කොටේට බරවුනා... කවදාවත් නැතිවිදිහට රැහැයියො කෑ ගහනවා.... ඈතින් බස්සෙක් කෑ ගහනව අහෙන්නෙ රැහැයියන්ගේ සද්දෙ අස්සෙන්.. මම ඇස් පියාගත්තෙ බස්ස කෑ ගහන පැත්ත හොයාගන්න... ආයි අහලා බලනවා... එතකොටවත් කැමති වෙයි... මම බස්සගෙ හඩට කන්දුන්නෙ එහෙම හිතාගෙන....

11.11.2008

රති කෙලිය....



අන්තිම පෙළ යාබද අසුනේ....
රතී වීමට තැත් දරන ...
අසුන යහන කොට....
ඔහු හා රගන විසූක දැක...

අනෙක් පස විශාඛාවන්....
අසුනින් නැගිට ගිය සද....

ප්‍රජාපතී තොමෝ
...
දුන් ඔවදන් අසා...
සිනාසුනි දෙපලම.....

අහෝ..... !

11.10.2008

වැරදීම...

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හිස එසවුන තවත් සාධකයක් විවේකී සති අන්තයේ අත්දැකීමට ලැබීම පූරුවේ වාසනාවක්... කවුරු කොහොම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදින් අර්ථ දැක්වුවත්... අධිරජ්‍යවාධින් යන්නෙහි නියම තේරුම මට වැටහුනේ මේ චිත්‍රපටය නැරඹූ පසුව කියලා කිව්වොත් හරි...
චිත්‍රපටය Indiana Jones and the Temple of Dhoom අධ්‍යක්ෂණය ඔස්කාර් සම්මානලාභී ස්ටීවන් ස්පිල්බර්ග්...මීට ලංකාවේ ජනකාන්ත නලු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා....
අධ්‍යක්ෂකගේ හෝ තිර රචකයාගේ බලපොරොත්තුව කුමක් වූවද ආසියාතිකයෙක් වශයෙන් නම් මෙය නරඹනකොට අතිවන්නේ පිලිකුලක් මිශ්‍ර වුන කෝපයක්....
චිත්‍රපටය වර්ණනාවට හෝ විවේචනයට තරම් කලත්මක ඇසක් නැති නමුත් එහි සමහර සිද්ධින් හා සබැදුන අරමුණු පිලිබද තර්කයක් ගොඩනැගීමට ඇවැසිය.....
පුරා පැය 1 1/2 තුල දිවෙන චිත්‍රපටයට පාදක වී ඇත්තේ 1935 වසර තුල ඉන්දියාවේ සිදුවුන ඉතා සරල වික්‍රමාන්විත ක්‍රියාවලියක්... ඒ පිලිබද තර්කයක් නොමැති වූවද එම ප්‍රස්තුතය සාක්ෂාත් කිරීමෙහිලා ඒ හා සබැදුන සිද්ධීන් පිලිබද තර්කයක් අසියාතික නරඹන්නා තුල ඇතිවනු නොඅනුමානය...
ලාංකීය නරඹන්නා පුදුමයට පත් කරමින් ජෝන්ස්ට හමුවුන මුල්ම ඉන්දීය ගම තුල සිංහල භාවිතා කරයි.... එහිදී ගම විනාශ වී ඇති අතර එය දුෂ්කර දුප්පත් ගමක් ලෙස අධ්‍යක්ෂක මනාව නිරූපනය කර ඇත.
1935 යනු බ්‍රිතන්‍ය යටත් විජිත යුගයට අයත් කාල වකවානුවක් වන අතර ඉන්ඩියානා ජෝන්ස් ඉන්දියාවට පැමිනෙනුයේ පෙරකී කාලසීමාව යටතේය...බ්‍රිතාන්‍ය කිරීටය හමුවේ යටත් විජිත සියල්ල ප්‍රාන්තයන් ලෙස පාලනය වන අතර ලංකාව පාලනය වී ඇත්තේ ඉන්දියානු ප්‍රාන්තය යටතේය...
එසේ නම් අධ්‍යක්ෂක දුටුවේ ලංකාව ඉන්දියාවේ ඒ කොටස ලෙසින්මද?....
නැත්නම් අධ්‍යක්ෂකතුමාට වැරදුනාවත්ද...?
එසේත් නොවේනම් මම පෙර කී අධිරජ්‍යවාදී චින්තනය චිත්‍රපටය නිර්මාණයේදී ස්පිල්බර්ග් තුල පැවතුනාවත්ද....?
දෙවනුව අධ්‍යක්ෂතුමා විසින් ඉන්ඩියානා ජෝන්ස්ව ඉංදියාවේ සිංහල ගමට යලි සෞභාග්‍ය උදාකරන වීරයෙකු කර ඇත..
ගමේ ගම්මුලාදෑනිතුමා ඉන්ඩියානා ජෝන්ස්ට නැතිවූ ශිව ලිංගයක් සොයා දෙන මෙන් ආයාචනා කරයි... ඉන් ගම තුල පවතින්නේ හින්දු ආගම බව පැහැදිලි වන අතර.. ගම්මුලාදෑනි තුමා ඉන්ඩියානා ජෝන්ස් හට ත්‍රිවිධ රත්නයේ පිහිටයි කියමින් සමුදීමෙන් ගමතුල බෞද්ධයිනුත් සිටින බව පැහදිලි වේ...
ලංකාව මේ ගමට අනුරූප කර ඇතැයි කීමට වෙනත් සාක්ෂ්‍ය මොටද...?
පසුව ඉන්ඩියානා ජෝන්ස් රජ මාලිගය තුල භෝජන සංග්‍රහයකට සහභාගී වන අතර ඉන්දියානුවන් අමුවෙන් සර්පයින් අනුභව කරන වදුරු මොල අනුභව කරන ම්ලේඡයින් කොටසක් බව පෙන්නුම් කරන මනා රූප පෙලක් චිත්‍රපටයේ ප්‍රධාන නිලියද උපයෝගීකොටගෙන පෙල ගස්වා ඇත...
චිත්‍රප්ටය අවසාන වූ පසුව බුද්ධියෙන් කල්පනා කර බලන විට ගොනුවන ගැටලු සමුදාය මෙලෙස තර්කයක් ලෙස දියත් කුලයට විව්ර්‍ත කරන්නේ අවස්තාවක් ඇතොත් චිත්‍රපටය නරඹන ලෙස්ද ඉල්ලීමක් කරමින්...
ස්පිල්බර්ග් ඇත්තටම මේක හිතාමතා නොකලාවත්ද...?
මේ ගත්තේ අපි නිදහස ලබපු වාඩුවද...?
මේක ස්පිල්බර්ග්ට සුදු හමක් තිබුනු නිසා වුන දෙයක්ද...?
අවසානයේ සියල්ල සිදු වී හමාරය...

11.07.2008

විවාහය...


රැලේ ගිය මී හරක්...
කරත්තෙක කොටු කරන්...
ගැලේ ඉදගෙන අදින...
නාස් ලනුවකි
විවාහය..

වලහා බිම....

හරියටම ඉස්කෝලෙ දිග කලිසම් අදින්න අවුරුද්දකට කලින්... ඒ කියන්නෙ 9 වසරෙ.... ඕක තමා නේවසිකගරයේ "ජිල්මාට්" වැඩ වලට පුරුදු කරවන වයස....
හැම අවුරුද්දෙම 11 වසර තමා ඕකෙ ප්‍රමුඛත්වය ගන්නේ... අපරාදේ කියන්න බෑ හැම අවුරුද්දෙම ගානට යුතුකම් ඉටුකෙරෙනවා....
රෑ 9ට විතර අයියලාගෙන් 6 දෙනෙක්ට විතර නියෝගය නිකුත් වෙනවා... අදාල පිරිස රෑ 12 වෙනකොට වැඩේට සූදානම්....
12 වෙනකොට අදගෙන හිටපු සරමෙන් කොට කලිසමට මාරුවෙලා පොල්ගස් යාය පත්තට යන්න ඕනි ( යාය කිව්වට හැමතනම පොල්ගස් )විදහල්පති නිලනිවස තියෙන්නෙත් ඔය කිට්ටුව. සික්කො ( වැරදියට ගන්න එපා... ඒ මිනිස්සුත් රස්සවනෙ කරන්නෙ ) හැමතැනම මුර සංචාරයේ.. සෑහෙන අමාරු වැඩක්.... ඒකනෙ අවුරුදු 2ක් පුහුනුවීම් කරවන්නේ...
අදාල උපකරන තියෙන්නෙ අපි ගාව ( පොඩි එවුන්ගෙ වැඩේ කොතනත් බඩු ගෙනියන එකනෙ ) ඇද ඇතිරිල්ලයි... කුරුම්බා ඉන්නයි...
දවල්ට ඔත්තු සේවයෙ යනකොට හොද ගහක් දෙකක් හොය ගන්න ඕනි... අතුලෙ ඉන්න අපිට ඕවත් වැඩද...!
වැඩේ ඉවරකරලා එනකං කතාව තහනම්... අපිත් ඉතින් කෝඩුකාරයොනෙ නියෝග අකුරට පිලිපදිනවා.
එදා ඉතිං බඩුත් අරගෙන තැනට ආව..
නියමුවා (pilot) 11 වසරේ අයියා කෙනෙක්.. නම හල්පන්දෙනිය... ගහේ නගිනවා නෙමෙයි ගහේ දුවනවා..
කඩනකොට කඩන්නෙත් යනගානට වඩා එක ගෙඩියක් වැඩිපුර නියමුවා බහිනකම් එක ගෙඩියකටවත් අත තියන්න තහනම්... මුල්ම ගෙඩියයි අන්තිම ගෙඩියයි නියමුවට වෙන්වෙනවා...
ගෙඩි පහලට දානකොට ඇතිරිල්ල අල්ලන්න ඕනි.... නැත්නම් සද්දෙ ඇහෙනවා...(ඕකත් අපිට අයිති වැඩක් නෙමෙයි...)
කුරුම්බා කැපිල්ලක් නෑ... කෙලින්ම හිල් කරලා බොන්න ඕනි.. කුරුම්බා ඉන්න තියෙන්නේ ඔන්න ඔය වැඩේට...
එදා ගැණුමාට ( ගැණුමා කිව්වේ ගණින කෙනා) අනුව ගෙඩි 13 විතර කඩාගෙන යනකොට බැල්මට්ලා ( ඔත්තු බලන 4 දෙනා ) කලු මහත පුද්ගලයෙක් ගහ දිහාට එනවා කියලා නිවේදනය කලා.. මලා... වලහා... ( ආයිත් වරදවා ගන්න එපා...... වලහා කියලා ආදරේට කිව්වේ අපේ පාලකතුමාට )
ඔය වෙලාවට කරන්න තියෙන්නේ නියමුවාට signal එක දීලා .... දුවන්න.. නියමුවා තත්වය සමනය වනතුරු ගහ උඩ රැදී සිටිය යුතුයි...
අපි කුරුම්බාත් අරන් දිව්වා...
ඉතිරි කතාව අහගත්තේ හල්පන්දෙනිය අය්යාගෙන්...
හල්පන්දෙනිය අය්යා පැය බාගයක් විතර ගහ උඩ ඉදලා ගහෙන් බාගයක් විතර බැහැලා ගහ යට හිටපු කෙනාගෙන්
"මචං... වලහා ගියාද"
කියලා අහලා....
" ආ..... මේ හල්පන්දෙනියනේ... මම බැලුවා කවුද කියලා... වලහා බිම.....
හල්පන්දෙනිය පරිස්සමෙන් බහැලා එන්න... "
ආයි පහල හිටියෙ කවුද කියලා කියන්න ඕනි නෑනෙ...!

11.06.2008

පුංචි එංගලන්තය..

සීතල උදුවප් මාසේ පුංචි එංගලන්තය තවත් සීතල වෙලා වගේ. තනියම කල්පනා කරනකොට මට හිතුනා..
රැහැයියන්ගේ සද්දේ එකපාරට අහෙන්න ගත්තේ හරියට මෙච්චර වෙලා අතරමං වෙලා හිටපු හිටපු හීන ලෝකෙන් එලියට ආව කියලා මට කියන්න හදනවා වගේ....
සලං බලං සද්දේ අහෙන්නේ කුස්සිය පැත්තෙන් උයන්න ලැස්ති වෙනවද කොහෙද... මම ඒ පැත්තට ගියේ දැන් දැන් මට කතා කරයි කියලා හිතුන හින්ද වෙන්න ඇති..
සින්දු කියලා ඉවරවෙනකොට රෑ 12 පහුවුනා විතරයි.තව හෝරා 6-7 කින් ඉරත් පායයි. තවත් අලුත් දවසක් නේද? මම ජංගම දුරකතනය අතට අරගෙන කල්පනා කලේ ඇයගේ අංකයට හමදාම ගන්න ඇමතුම අදත් ගන්න ගමන්..
ඈ හා දොඩමලු වෙන්න අදහසක් හිතේ කොනක හිරකරගෙන හිටියත් මට "හලෝ" කියන අකුරු දෙක ඇහුනේ නෑ..
නින්ද ගිහින් වෙන්න ඇති...
මම තරු දිහා බලාගෙන තරු යා කරන්න හැදුවා. හත්දින්නත් තරු පොකුර ලග රතුපාට තරුවක් මැදිකරගෙන තරු දෙකක් දිලිසෙනවා.
මම තරු අතර ඇගේ රුව අදින්න බොලද උත්සාහයක් ගත්තා..
ආයෙත් කතා කරනවද....? අවදි වුනොත් පව්.... කියල හිතුනු හින්දා මම ජංගම දුරකතනය පපුවට තුරුලු කරගෙන බංකුව උඩ ඇලවුනා..
එකපාර හිරිගඩු පිපෙන හීතල හුලගක් හමගෙන ගියේ මගේ සර්වංගයම දෝලනය කරගෙන.. මම අහස දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තේ හඩ අහුනේ නැති වුනත් හිතේ ලැගුම් අරගෙන තියෙන ඒ සුවද, ඒ සොදුරු බව, ඒ හිනාව හැමදාම මට නින්ද යනකම් මාව තුරුලු කරගනී කියලා හිතාගෙන...

11.05.2008

ඉස්සීම..

හරියටම වෙලාව රෑ 12 ට විතර ඇති. පෝය කිට්ටු හින්දා හද පිරෙන්න පායලා. o/l වලට පඩම් කර කර හිට්යේ එකපාර කාමරේ අදුරු වුනා. හෙමින් හිමින් අඩිය තිය තිය කිට්ටු කලේ අපේ නිදන කමරේ දිහාට.
ලගම ඇද......
නිදගෙන හිටියේ දඩයක්කාරයා. (ඇත්ත නම කියන්න බෑ) .. හතර දෙනෙක් ඇදේ මුලු හතරට කිට්ටු කලා. හෙමින් හෙමින් ඇද ඉස්සෙන්න පටන් ගත්තා..
එකපාර දඩයක්කාරයා හා..... ගාලා අනික් පැත්ත හැරුනා.....
බයවුනු තරමක්..... තව ටිකෙන් ඇද බිම......
යන්තම් ඇද උස්සගෙන එලියට එන්න පටන් ගත්තා. මීටර 2ක් ගියේ නෑ....
එකපාර දඩයක්කාරයාගේ ඔලුව ඉස්සුනා.. කොන් හතරෙන් එකපාර උඩ ගිය ඇද දඩා ගාලා බිම.....
මට යන එන ම නෑ. පැත්තක දඩයක්කාරයා හෝදන්න දාලා තිබුනු තුවාය පත්තක එල්ලලා තිබුනා.. මම බයටම ඒ පත්තට ඇදුනා.
"උඹ මොකද..?"
එකපාරට තුවය අතට ගත්ත මම මූණ පිහිදාන ගමන්
" මූන හෝදන්න ගියා මම මේ උඹේ තුවයෙන් මූන ටිකක් පිහිදාගන්න අවෙ..."
ඒක තුවායක් නෙමෙයි කුනුගොඩක්.....
ගද ඉවසන්න බෑ..
මොනා කියලා කරන්නද... ?
එතකොටම කවුද මගේ කකුලෙන් ඇල්ලුවා..
මලා......
භාෂි.... ඌ දඩයක්කාරයාගේ ඇද යට...
මම එහෙමම එහ පැත්තෙ ඇදේ වඩිවුනා...
දඩයක්කාරයා එක පාර ඇද යටට එබුනා. ඌට තාම නිදිමතේ....
" තෝ මොකද කරන්නේ.."
ඒ දඩයක්කාරයා....
"ඒක තම බo මත් මේ බලුවේ කවුද එකෙක් මගෙ ඇද උඩින් තව ඇදක් තියලනේ..."
භාෂි එහෙම කියනකොට මම එලියට දුවලා හිරකරගෙන හිටපු හිනාව එලියට දාගත්තා..

11.04.2008

වෙනසක්...

මම හෝඩිපොත කියෙව්වෙත් ඉස්කොලෙන්. ඉස්කොලෙ හැමදම දැකපු මුහුනු අතරේ අවුරුදු ගානක් ගෙවිල ගියේ දන්නෙම නැතුව.අපි කොල්ලො විතරක් හිටපු නිසා ජීවිතේ ගෙවුනෙ පුදුම විනොදෙන්.. කිසිම බරක් නති නිදහස් ජීවිතයක්.....
පන්තියේ සර්ගෙන් බනුම් ඇහීම හරිම සරලයි. දණගහගෙන ඉන්න එක, වේවැල් පාරක් කන එක අසවෙන් කරන වැඩක්..
හැබයි....
සරසවියෙනම් ඊට වඩා වෙනස්.... ගෑණු ලමයි ඉන්න නිස දේශනයක් අස්සෙ නින්ද ගිහින් දවස් අහුවුනාම විලිලැජ්ජයි...

මේ එක දෙයක් විතරයි තව දෙවල් අනන්තවත්....

මතක් වෙන විදිහට මේව මම දියත් කුලෙත් එක්ක බෙදගන්නවා.....
සත්තයි........!

අදට නවතින්නම්........
ජය..... !

කෙරුවාව.....


ලෝකය කියන්නේ විවිධ ජාතින්ගෙන් විවිධ ආගම්වලින් සෑදුන විවිධ ජන කොඨ්ඨාශ වලින් සෑදුන ජීවී ලෝකයක්. අන්තර්ජාලයෙන් ගෝලීයකරනය, යටතේ ලෝකයම විශ්ව ගම්මානයක් කරන බව තම හමෝම කතා වෙන්නේ. මම නම් ඕවා දන්නේ නෑ.....
එහෙම විශ්ව ගම්මානයක් හැදුන දවසක මිනිස්සු මේ විදිහට ගහ මර ගන්නේ නැතිවෙයි.. එදාට ලෝකය කියන ගම්මානයේ මිනිස්සු එකට එකතු වෙලා ඉදී.. උස් කුල පහත් කුල නැතිවෙයි.
ඒකට පලවෙනි අඩිය මම තියන්නම් අපි අපෙ දේවල් බෙදගමු "දියත් කුලේ අපි" දියත් කුලයට අයිති සැමට පිලිගන්වෙන වගයි.....