Skip to main content

වැරදීම...

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හිස එසවුන තවත් සාධකයක් විවේකී සති අන්තයේ අත්දැකීමට ලැබීම පූරුවේ වාසනාවක්... කවුරු කොහොම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදින් අර්ථ දැක්වුවත්... අධිරජ්‍යවාධින් යන්නෙහි නියම තේරුම මට වැටහුනේ මේ චිත්‍රපටය නැරඹූ පසුව කියලා කිව්වොත් හරි...
චිත්‍රපටය Indiana Jones and the Temple of Dhoom අධ්‍යක්ෂණය ඔස්කාර් සම්මානලාභී ස්ටීවන් ස්පිල්බර්ග්...මීට ලංකාවේ ජනකාන්ත නලු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා....
අධ්‍යක්ෂකගේ හෝ තිර රචකයාගේ බලපොරොත්තුව කුමක් වූවද ආසියාතිකයෙක් වශයෙන් නම් මෙය නරඹනකොට අතිවන්නේ පිලිකුලක් මිශ්‍ර වුන කෝපයක්....
චිත්‍රපටය වර්ණනාවට හෝ විවේචනයට තරම් කලත්මක ඇසක් නැති නමුත් එහි සමහර සිද්ධින් හා සබැදුන අරමුණු පිලිබද තර්කයක් ගොඩනැගීමට ඇවැසිය.....
පුරා පැය 1 1/2 තුල දිවෙන චිත්‍රපටයට පාදක වී ඇත්තේ 1935 වසර තුල ඉන්දියාවේ සිදුවුන ඉතා සරල වික්‍රමාන්විත ක්‍රියාවලියක්... ඒ පිලිබද තර්කයක් නොමැති වූවද එම ප්‍රස්තුතය සාක්ෂාත් කිරීමෙහිලා ඒ හා සබැදුන සිද්ධීන් පිලිබද තර්කයක් අසියාතික නරඹන්නා තුල ඇතිවනු නොඅනුමානය...
ලාංකීය නරඹන්නා පුදුමයට පත් කරමින් ජෝන්ස්ට හමුවුන මුල්ම ඉන්දීය ගම තුල සිංහල භාවිතා කරයි.... එහිදී ගම විනාශ වී ඇති අතර එය දුෂ්කර දුප්පත් ගමක් ලෙස අධ්‍යක්ෂක මනාව නිරූපනය කර ඇත.
1935 යනු බ්‍රිතන්‍ය යටත් විජිත යුගයට අයත් කාල වකවානුවක් වන අතර ඉන්ඩියානා ජෝන්ස් ඉන්දියාවට පැමිනෙනුයේ පෙරකී කාලසීමාව යටතේය...බ්‍රිතාන්‍ය කිරීටය හමුවේ යටත් විජිත සියල්ල ප්‍රාන්තයන් ලෙස පාලනය වන අතර ලංකාව පාලනය වී ඇත්තේ ඉන්දියානු ප්‍රාන්තය යටතේය...
එසේ නම් අධ්‍යක්ෂක දුටුවේ ලංකාව ඉන්දියාවේ ඒ කොටස ලෙසින්මද?....
නැත්නම් අධ්‍යක්ෂකතුමාට වැරදුනාවත්ද...?
එසේත් නොවේනම් මම පෙර කී අධිරජ්‍යවාදී චින්තනය චිත්‍රපටය නිර්මාණයේදී ස්පිල්බර්ග් තුල පැවතුනාවත්ද....?
දෙවනුව අධ්‍යක්ෂතුමා විසින් ඉන්ඩියානා ජෝන්ස්ව ඉංදියාවේ සිංහල ගමට යලි සෞභාග්‍ය උදාකරන වීරයෙකු කර ඇත..
ගමේ ගම්මුලාදෑනිතුමා ඉන්ඩියානා ජෝන්ස්ට නැතිවූ ශිව ලිංගයක් සොයා දෙන මෙන් ආයාචනා කරයි... ඉන් ගම තුල පවතින්නේ හින්දු ආගම බව පැහැදිලි වන අතර.. ගම්මුලාදෑනි තුමා ඉන්ඩියානා ජෝන්ස් හට ත්‍රිවිධ රත්නයේ පිහිටයි කියමින් සමුදීමෙන් ගමතුල බෞද්ධයිනුත් සිටින බව පැහදිලි වේ...
ලංකාව මේ ගමට අනුරූප කර ඇතැයි කීමට වෙනත් සාක්ෂ්‍ය මොටද...?
පසුව ඉන්ඩියානා ජෝන්ස් රජ මාලිගය තුල භෝජන සංග්‍රහයකට සහභාගී වන අතර ඉන්දියානුවන් අමුවෙන් සර්පයින් අනුභව කරන වදුරු මොල අනුභව කරන ම්ලේඡයින් කොටසක් බව පෙන්නුම් කරන මනා රූප පෙලක් චිත්‍රපටයේ ප්‍රධාන නිලියද උපයෝගීකොටගෙන පෙල ගස්වා ඇත...
චිත්‍රප්ටය අවසාන වූ පසුව බුද්ධියෙන් කල්පනා කර බලන විට ගොනුවන ගැටලු සමුදාය මෙලෙස තර්කයක් ලෙස දියත් කුලයට විව්ර්‍ත කරන්නේ අවස්තාවක් ඇතොත් චිත්‍රපටය නරඹන ලෙස්ද ඉල්ලීමක් කරමින්...
ස්පිල්බර්ග් ඇත්තටම මේක හිතාමතා නොකලාවත්ද...?
මේ ගත්තේ අපි නිදහස ලබපු වාඩුවද...?
මේක ස්පිල්බර්ග්ට සුදු හමක් තිබුනු නිසා වුන දෙයක්ද...?
අවසානයේ සියල්ල සිදු වී හමාරය...

Comments

malee_msg said…
ඕක තරමක් පරණ චිත්‍රපටයක් ද? මට මීට වසර 8කට විතර කලින් ඔය වගේ චිත්‍රපටයක් බැළුවා වගේ ලාවට මතකයි ඒත් ඕකමද කියලා නම් මතක නෑ. කොහොම උනත් ආයේ හොයාගෙන බලන්න උත්සහ කරන්නම්.
මමනම් ඔය කියන චිත්‍රපටය බලලා නෑ. ඒත් මම හිතන්නේ ඔය සුද්දොන්ට ඉන්දියාවයි ලංකාවයි දෙකම එකයි. පිටරට කෙල්ලෙක්ට "මම ලංකාවේ" කිව්වොත් අහයි "I know, Its India right?" කියලා...

ඔතන තියෙන්නේ "අල කිව්වොත් අර්තාපල්" නැත්නම් "විද්‍යාව කිව්වොත් සුද්දාගේ විද්‍යාව" කියන දේමයි... පෙරදිග ගැන සුද්දා දන්න මඟුලක් නෑ.. ඒ වුනාට උන් හිතන් ඉන්නේ හැමඑකක්ම දන්නවා කියලා...

පෙරදිග උන් උන්ගේ බූරු විද්‍යාවට අනුව අර්ථ දක්වන්න යනවා.. ඒ විද්‍යාවට අනුව පෙරදිග ඉන්නේ ම්ලේච්ඡයො...
Leo Sadeepa said…
චමිල ගේ මතය නිවැරදියි ! උන් යටත් විජිතවාදයට දුන්න එක සදාරනීකරණයක්නේ අපේ ම්ලේජ්‍ත්වය නැතිකිරීම ... මිෂනාරි ඉස්කෝල වලින් කලෙත් ඒක තමයි ...
මේක ටිකක් පරණ චිත්‍රපටියක් නම් තමා.... ඔතන කනගාටුවට කරුණ අයිරාංගනී සේරසිංහ දෙනවක හාමිනේ... ආදි අපි හොදයි කියලා හිතන... අයත් මේකට දායක්ත්වය දක්වපු එකනේ.....
චමිලගේ කථාව සම්පූර්ණයෙන් ඇත්ත. . ලංකාව කියන්නේ ඉන්දියාවේ කෑල්ලක්ම කියලා තමයි බොහොමයක් අපරදිග රටවල මිනිස්සු හිතාගෙන ඉන්නෙ. Chat Room එකකට ගිහින් මම ලංකාවෙ කිව්වොත් බොහොමයක් දෙනා අහන්නෙ ඕක තමයි. මෙහෙම චිත්‍රපට තියෙද්දි ඒක පුදුමෙකුත් නෙමෙයි එක අතක‍ට බැලුවම.
මෙන්න මේකත් බලන්න... spam නෙවෙයි... සංස්කෘතිය ගැන පෙරදිගයි බටහිරයි තියෙන වෙනස් කම් හොඳට විස්තර කරලා තියෙනවා...

සැ.යු. : "බටහිර" කිව්ව පළියට ඇමෙරිකාව හරි ප්‍රංශය හරි වෙන්න ඔනේ නෑ
සොරි ඔක්කොම අස්සේ සබැඳුම අමතක වුනා.

http://suonline.blogspot.com/2008/11/blog-post_10.html
ඒක ඇත්ත... ලංකාවෙත් බොරුවට බටහිර වෙන්න හදන එවුන් ඕනි තරම්... ඇමරිකාවෙත් හොඳ මිනිස්සු ඕනි තරම්...

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං