Skip to main content

වලහා බිම....

හරියටම ඉස්කෝලෙ දිග කලිසම් අදින්න අවුරුද්දකට කලින්... ඒ කියන්නෙ 9 වසරෙ.... ඕක තමා නේවසිකගරයේ "ජිල්මාට්" වැඩ වලට පුරුදු කරවන වයස....
හැම අවුරුද්දෙම 11 වසර තමා ඕකෙ ප්‍රමුඛත්වය ගන්නේ... අපරාදේ කියන්න බෑ හැම අවුරුද්දෙම ගානට යුතුකම් ඉටුකෙරෙනවා....
රෑ 9ට විතර අයියලාගෙන් 6 දෙනෙක්ට විතර නියෝගය නිකුත් වෙනවා... අදාල පිරිස රෑ 12 වෙනකොට වැඩේට සූදානම්....
12 වෙනකොට අදගෙන හිටපු සරමෙන් කොට කලිසමට මාරුවෙලා පොල්ගස් යාය පත්තට යන්න ඕනි ( යාය කිව්වට හැමතනම පොල්ගස් )විදහල්පති නිලනිවස තියෙන්නෙත් ඔය කිට්ටුව. සික්කො ( වැරදියට ගන්න එපා... ඒ මිනිස්සුත් රස්සවනෙ කරන්නෙ ) හැමතැනම මුර සංචාරයේ.. සෑහෙන අමාරු වැඩක්.... ඒකනෙ අවුරුදු 2ක් පුහුනුවීම් කරවන්නේ...
අදාල උපකරන තියෙන්නෙ අපි ගාව ( පොඩි එවුන්ගෙ වැඩේ කොතනත් බඩු ගෙනියන එකනෙ ) ඇද ඇතිරිල්ලයි... කුරුම්බා ඉන්නයි...
දවල්ට ඔත්තු සේවයෙ යනකොට හොද ගහක් දෙකක් හොය ගන්න ඕනි... අතුලෙ ඉන්න අපිට ඕවත් වැඩද...!
වැඩේ ඉවරකරලා එනකං කතාව තහනම්... අපිත් ඉතින් කෝඩුකාරයොනෙ නියෝග අකුරට පිලිපදිනවා.
එදා ඉතිං බඩුත් අරගෙන තැනට ආව..
නියමුවා (pilot) 11 වසරේ අයියා කෙනෙක්.. නම හල්පන්දෙනිය... ගහේ නගිනවා නෙමෙයි ගහේ දුවනවා..
කඩනකොට කඩන්නෙත් යනගානට වඩා එක ගෙඩියක් වැඩිපුර නියමුවා බහිනකම් එක ගෙඩියකටවත් අත තියන්න තහනම්... මුල්ම ගෙඩියයි අන්තිම ගෙඩියයි නියමුවට වෙන්වෙනවා...
ගෙඩි පහලට දානකොට ඇතිරිල්ල අල්ලන්න ඕනි.... නැත්නම් සද්දෙ ඇහෙනවා...(ඕකත් අපිට අයිති වැඩක් නෙමෙයි...)
කුරුම්බා කැපිල්ලක් නෑ... කෙලින්ම හිල් කරලා බොන්න ඕනි.. කුරුම්බා ඉන්න තියෙන්නේ ඔන්න ඔය වැඩේට...
එදා ගැණුමාට ( ගැණුමා කිව්වේ ගණින කෙනා) අනුව ගෙඩි 13 විතර කඩාගෙන යනකොට බැල්මට්ලා ( ඔත්තු බලන 4 දෙනා ) කලු මහත පුද්ගලයෙක් ගහ දිහාට එනවා කියලා නිවේදනය කලා.. මලා... වලහා... ( ආයිත් වරදවා ගන්න එපා...... වලහා කියලා ආදරේට කිව්වේ අපේ පාලකතුමාට )
ඔය වෙලාවට කරන්න තියෙන්නේ නියමුවාට signal එක දීලා .... දුවන්න.. නියමුවා තත්වය සමනය වනතුරු ගහ උඩ රැදී සිටිය යුතුයි...
අපි කුරුම්බාත් අරන් දිව්වා...
ඉතිරි කතාව අහගත්තේ හල්පන්දෙනිය අය්යාගෙන්...
හල්පන්දෙනිය අය්යා පැය බාගයක් විතර ගහ උඩ ඉදලා ගහෙන් බාගයක් විතර බැහැලා ගහ යට හිටපු කෙනාගෙන්
"මචං... වලහා ගියාද"
කියලා අහලා....
" ආ..... මේ හල්පන්දෙනියනේ... මම බැලුවා කවුද කියලා... වලහා බිම.....
හල්පන්දෙනිය පරිස්සමෙන් බහැලා එන්න... "
ආයි පහල හිටියෙ කවුද කියලා කියන්න ඕනි නෑනෙ...!

Comments

Supun Sudaraka said…
මරු කතාව! :D

වලහා කිව්වේ අපේ අමරදාස සෑර්ටද? ඒ සර් නම් හැබැයි නියමයි!. අයියලාගේ කාලේ ග්‍රේඩ් ෆිට් එකක් තිබිලා තියෙනවා වගේ. ඒත් පහු වෙන්න පහුවෙන්න වැඩේ අල වෙලා වගේ :( අපේ අවාසනාව තමා. අපේ නම් ග්‍රේඩ් එකකට එකක් වලි අල්ලන එකම තමයි වැඩේ. :D
malee_msg said…
හිකිස් වලහා ආවා තමයි අන්තිමට ම නේද
තිලිණ said…
This comment has been removed by the author.
තිලිණ said…
හික්‌ වලහා කියන්නේ අමරදාස සර් ට නෙවෙයි .. වෙන එක්‌කෙනෙක්‌ හික්‌.. අපි A/L කරන කාලෙ අයින් උනේ .. මරු කතාව :D
වලහා මට යන්තම් මතකයි මතක නෑ වගේ... කමක් නෑ... එළ කතාව..ඒ කාලේ ගොමා නේද ප්‍රින්සිපල්ට හිටියේ.... පොරටත් කනිපින්දම් දීලා එන්නනේ තිබුනේ!!!!

සුපුන් මල්ලී.. ඕවා ගනන් ගන්න එපා.. කාලේ වෙනස් වෙනකොට තාලේ වෙනස් වෙනවා තමයි.. කැම්පස් ගැනත් යම්තාක් දුරකට ඔය කතාව ඇත්ත...
නෑ මල්ලි... අපි ඉන්නකොට අමරදස සර් උප පාලක... අපි හොස්ටල් එකෙන් එනකොට තමා අමරදාස සර් පාලක වුනේ.. වලහා කිව්වෙ සේනානායක සර්ට...

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං